බොරතෙල් නැවක් අද රෑ එයි. පිරිපහදුව යළි ඇරඹීම ලබන සතියේ

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ කොළඹ වරායට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එහි තත්ව පරීක්ෂාව හෙට දිනයේ සිදු කෙරෙනු ඇති අතර එම බොරතෙල් යොදාගනිමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන සතිය මැදදී නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක තොගයක් ලබන 23 – 29 අතර මෙරටට ලැබීමට නියමිත බවත් මෙම බොරතෙල් තොග දෙකම රුසියානු යූරල් බොරතෙල් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...