තායිවාන උප ජනාධිපති ලායිගේ එක්සත් ජනපද සංචාරය පිළිබඳ චීනය කෝපයෙන්

Date:

තායිවානයේ උප ජනාධිපති විලියම් ලායිගේ කෙටි එක්සත් ජනපද සංචාරය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් චීනගේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබුනේ, විලියම් ලායි බෙදුම්වාදියෙකු සහ කරදර ඇති කරන්නෙකු බවත්, තායිවානයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා බවත්ය.

ජනවාරි මාසයේ පැවැත්වෙන මැතිවරණයේදී තායිවානයේ මීළඟ ජනාධිපති වීමට ඉදිරියෙන්ම සිටින ලායි, චීනයට විශේෂ අකමැත්තක් ඇත. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රකාශ කර තිබුනේ, පවතින තත්ත්වය වෙනස් කිරීමට තමන් උත්සාහ නොකරන නමුත් අනාගතයේ දී තායිවානයේ ජනතාවට පමණක් ඔවුන්ගේ තීරණය ගත හැකි තත්වයක් ඇති කරන බවයි.

නිව්යෝහිදී ලායිට උණුසුම් පිළිගැනීමක් ලැබී ඇති අතර ඔහු සිය සමාජ මාධයෙහි මේ පිළිබඳ සටහන් කර තිබුනේ, මිතුරන් දැකීමට සහ නිව් යෝර්ක් හි සංක්‍රමණ වැඩසටහන් වලට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මේ පිළිබඳව විචාරකයන් අදහස් දක්වා තිබුනේ පසුගිය අප්‍රේල් මාසයේදී, තායිවාන ජනාධිපති Tsai Ing-wen මධ්‍යම ඇමරිකාවේ සංචාරය කර තායිපේ වෙත ආපසු එන අතරමග නැවතුමකදී එක්සත් ජනපද සභා කථානායක Kevin McCarthy කැලිෆෝනියාවේ දී හමුවීමට කෝපයට පත් චීනය ඊට ප්‍රතිචාර ලෙස තායිවානය වටා යුද අභ්‍යාස සිදු කලා මෙන් ලායිගේ සංචාරය හේතුවෙන් ද කලාපයේ නැවත යුධ අභ්‍යාස සිදු කරනු ඇති බවයි.

කෙසේ නමුත්, චීනය මේ වන විට පසුගිය වසර තුන පුරා තායිවානය වටා සිය මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කර බීජිං යටතේ පාලනය කරමින් ඇත.

සශිකලා මධුෂාණී _ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මඟින් 242ක් රැගෙන...

බන්ධනාගාර ක්ලීන් කිරීම අරඹයි! ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන!

කොළඹ LNW:දිවයින පුරා තිබෙන සියළුම බන්ධනාගාර පරිපාලනය කරනු ලබන...

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...