*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

රගර් ශ්‍රී ලංකාවට නැත්තටම නැති වෙයිද…?

ශ්‍රී ලංකා රග්බි සදහා ව්‍යවස්ථානුකූලව පත් ව සිටි රග්බ් පරිපාලනය විසුරුවා හැර ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම ක්‍රීඩාවේ ස්වාධීනත්වයට දේශපාලන බලපෑම් ඇති කිරිම ලෙස අරුත් ගැන් වූ ජාත්‍යන්තර රග්බි පරිපාලනය ශ්‍රී ලංකාවේ රගර් තහනම් කිරීමට පියවර ගත්තේය.ඊටත් පෙර මෙම ස්ථාවරකරණ කමිටුව පිළි නොගන්නා බවට ජාත්‍යන්තරය දැනුවත් කරන්නට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබිණ.
මේ පසුබිම මත පත් කළ ස්ථාවරකරණ කමිටුව ඉවත් කර ඉදිරි පරිපාලන මෙහෙයුම් ස දහා අවසර සහ අවශ්‍යය බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා රගර් පරිපාලනය අධිකරණය ගියේය.එහි ප්‍රතිපලයක් ලෙස අභියාචනාධිකරණය තීරණය කළේ ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් ද රගර් පරිපාලනයට ඇඟිළි ගැසීම වාරණය කරමින් තීන්දුවක් දීමය.
මෙම නඩුව පැවරීමේදි අමාත්‍යවරයා විසින් අංක 2327/07 යටතේ 2023 අප්‍රේල් 11 වන දින පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව ද දේශපාලන බලය යෙදීමක් ලෙස අර්ථ ගැන්වෙන හෙයින් ඔවුන් ද ශ්‍රී ලංකා රගර් විසින් අභියාචනාධිකරණයේ දී විත්ති පාර්ශවයේ කොටසක් ලෙස නම් කළේය.ඒ අනුව උභියාචනාධිකරණයට ගිය ස්ථාවරකරණ කමිටුව අමාත්‍යවරයාගේ අතපෙවීම වැළක්වීමේ තීරණයට අධිකරණය පැමිණි පසු අවලංගු විය යුතු වුව ද,දැන් ඔවුන් මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගොස් ඇත.
ජාත්‍යන්තර රගර් සම්මේලනය දේශපාලන අතපෙවීම් සේ සළකා ශ්‍රී ලංකාවේ රගර් තහනම් කිරීමට තීරණය කිරිම මෙන්ම එහිම දිගුවක් ලෙස අභියාචනාධිකරණය අමාත්‍යවරයාට රගර් කටයුතුවලින් වැළකී සිටින නියෝගයක් ලබා දෙමින් ද සිදු කර ඇති කාර්යභාරය සමඟ අමාත්‍යවරයා විසින් රගර් වෙනුවෙන් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුවට එවැනි නඩුවකට යාමට බලයක් ඇද්ද යන්න සොයා බැලිය යුතුය.එසේම ඔවුන් අධිකරණයට ද වරක් දන්වා සිටියේ රගර් කටයුතු සඳහා මිලියන 22 ක මුදලක් තමන්ට දීමට අමාත්‍යංශය එකඟ වි ඇති බවය.
ඊ ළඟ ප්‍රශ්ණය පැන නඟින්නේ අමාත්‍යවරයාගේ අත පෙවීම වළක්වන්නේනම් අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුවට අමාත්‍යංශයෙන් මුදල් ලබා දීම හෝ එම කමිටුවට පරිපාලනමය වශයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් ඇද්ද යන්න කල්පනා කර බැලිීමය.වැදගත්ම කාරණය ඔවුන් ජාතික ඔලිම්පික් කමිටුව පිළි නොගන්නා බව ජාත්‍යන්තරයට දන්වා තිබෙන තත්ත්වයක සහ ජාත්‍යන්තරය විසින් ආසියානු තරගාවලියට රගර් තහනම තිබියදීම ජාතික ඔලිම්පික් කමිටුවට සිය ධජය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමක් යොමු කිරීමට අවසර දී තිබියදී දේශපාලකයාගේ බලය යොදා පත් කළ ස්ථාවරකරණ කමිටුවට වැඩ කිරීමේ හැකියාවක් ඇද්ද යන්නය.
දේශපාලන බලය යෙදිම යන නිර්වචනය මත ශ්‍රී ලංකාවේ රගර් නොසළකා හැරීමට ජාත්‍යන්තරය තීරණය කර තිබියදීත් එම තහනම වෙනස් කර ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව වෙනුවෙන් දැණුම් දීම කරන්නට ජාත්‍යන්තර සම්මේලනය තෝරා ගත්තේ ද අමාත්‍යවරයා විසින් නොසළකා හරින ලද ශ්‍රී ලංකා රගර් හී විධායක නිලධාරියා වූ හසන් සිංහවංශය.මේ තරම් දත්ත තිබියදී අධිකරණ නිවාඩු වැටී තිබියදී ස්ථාවරකරණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ප්‍රශ්නය තබමින් නඩු විමසීම සැප්තැම්බර් 6 වන දා දක්වා කල් දමන්නේ ශ්‍රී ලංකා රගර් විසින් ආසියානු පදක්කමක් ඉලක්ක කරගෙන ගෙන ගිය වැඩ පිළිවෙල සාර්ථකවීම වැළක්වීමට බව අපේ විශ්වාසය වන්නේය.
පදක්කමකට වඩා එදිරිවාදිකම ලොකු කරගෙන කටයුතු කරන මේ රටේ දේශපාලනය සහ ක්‍රීඩාවේ මහත්තුරු සේ රඟන චරිතවල සැබෑ උවමනාව මේ අනුව පැහැදිළිය.ජාතික ඔලිම්පික් කමිටුවට රගර් වෙනුවෙන් සහය දීමට අධිකරණ නියෝගයෙන් පසුව ජාත්‍යන්තර සම්මේලනයේ අවසරයෙන් පසුව ශ්‍රී ලංකා රගර් නිලධාරීන් අතේ වියදමෙන් යම් මැදිහත්වීමක් කර ඇත.සංචිත කැදවීම,තේරීම් තරග පැවත්විම මෙන්ම කණ්ඩායම තේරීම දක්වා එම කාරණා ඉටු කිරීමට ඔවුන් මැදිහත් වී එම කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුවට ද,අදාළ සියලු බලධාරීන්ට ද යොමු කරන්නට කටයුතු කර ඇත.
අධිකරණයෙන් අත පෙවීම තහනම් කිරීමෙන් පසුව අමාත්‍යවරයා අතින් ඉතුරුව ඇති අත පෙවීමේ සළකුණ ඉවත් කර ගැනීමේ කටයුත්ත වෙනුවෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට හැකියාව ඇත.ඔහුගේ දේශපාලන බලය යෙදීම ලෙස ස්ථාවරකරණ කමිටුව පත් කිරීමේ කාර්යයද ඇතුළත වන නිසා කළ යුතුව ඇත්තේ එය වුවත්,අධිකරණයට ස්ථාවරකරණ කමිටුව වාර්තා කරන තොරතුරු අනුව අමාත්‍යංශයේ මුදල් රගර් ක්‍රිඩාව වෙනුවෙන් අමාත්‍යවරයා සහ අමාත්‍යංශය එම කමිටුවට දීමට ඉදිරිපත් වන්නේනම් එය බරපතල රාජ්‍ය මුදල් භාවිතය සම්බන්ධයෙන් වරදක් නොවේද? අධිකරණය මෙන්ම ජාත්‍යන්තර රගර් සම්මේලනයේ නියෝගයන්ද අනුමත නොකර හැසිරීමක් නොවන්නේද?
ශ්‍රී ලංකා රගර් තමන්ගෙ පදයට සසැලෙන නාම පූවරුවක් මිස ස්වාධීනව තීරන ගන්න පරිපාලන ව්‍යහුයක් නොවන තත්ත්වයෙන් පවත්වා ගැනීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට උවමනා විය.ඒ නිසාම ඔහු ඒ වන විට ශ්‍රී ලංකා රගර් වෙතින් ප්‍රතික්ෂේප වුව ද,තමන්ට හිතැති ආසියානු සභාපතිවරයා සමඟ සමීපව සිටින අසංග සෙනවිරත්න යොදවා ගෙන ආසියානු සභාපතිවරයාගේ බලපෑම් මත ශ්‍රී ලංකා රගර් තමන්ගේ රූකඩයක් කර ගන්නට ගත් උත්සාහය ව්‍යර්ත වීමේන් ඇති වූ අභිමානය කෙළෙසීම සේ ඔහු සිතන, හීනමාන හැඟීමක ප්‍රශ්නයක්ය.
රොෂාන් රණසිංහ නියෝජනය කරන්නේද ඒ මානසික තත්ත්වයේ සිටින කඳවුරය.ඒ නිසා රගර් නොව තවත් ක්‍රිඩාවන්ට සිය ස්වාධීනත්වය අහිමි වී ඇත.ඇත්ත එබඳුය.මෙහි නරකම තත්ත්වය දැන් අපට හොඳින් පැහැදිළිය.ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම සහභාගි වීම වැළක්වීම,එහි පදක්කමකට යාමෙන් ශ්‍රී ලංකා රගර් පරිපාලනයට අත්වන ඓතිහාසික කීර්තිය අහිමි කිරීම වැනි කුහක සම්ප්‍රදායන් මත පිහිටා කණ්ඩායමට පුහුනු වීම වැළක්වීම සඳහා අධිකරණයේ නඩුව පල් වෙන්න හැරීම ස්ථාවරකරණ කමිටුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇති බව පෙනේ.
වසර තුනක් දේශපාලන රූකඩයක් නොවී රගර් සඳහා රගර්මය වූ අනන්‍යතාවයක් සහිත රිද්මයක් ගෙන එන්නට අනුග්‍රාහකයන් සොයා ගනිමින් කළ සේවය විශාලය.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රි ලංකාව දැක් වූ දස්කම් ඒ අතරින් විශිෂ්ඨය.මේ දක්ෂතා සඳහා දායක වූ සියලු ක්‍රීඩකයින් තමන්ගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානය වන ආසියානු පදක්කමක සිහිනය ආසන්නයේ සිටියදී මේ කරනු ලබන අකුල් හෙලීම්වලින් පීඩවාට මුහුණ දෙමින් ඇත.ඔවුන් බොහෝ විට මේ තත්ත්වය මත රගර් ක්‍රීඩාවටද ආයුබෝවන් කියා ඉවත් වීමට ඉඩ තිබෙන බව ද සැළය.එවැනි තත්ත්වයක දී යළිත් එවැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ගොන්නක් එසේ සමු ගතහොත් විශාල දක්ෂතා රික්තයකට ශ්‍රී ලංකා රගර් පිටිය මුහුණ පානු ඇත.
මේ කිසිවක් දේශපාලන ක්‍රීඩාවට අදාළ නොවන බව දැන් දැන් පැහැදිළි වෙමින් ඇත.ක්‍රීඩාවට සම්බන්ධ වූ පමණින් ක්‍රීඩාවම එක කොට සිතා ප්‍රේම කරන්නන් ද නැති බවත් ඔවුන්ට අවශ්‍යය ජාතික ජයග්‍රහණයට වඩා තම තමන්ගේ කල්ලිවල ආධිපත්‍යයෙන් පිට කිසිවක් සිඳු නොවීම බවත් රගර් ගැටළුව කියවා ගැනීමෙන් පැහැදිළිය.අධිකරණය ඉදිරියේ සාධාරණය ඉටු වන මොහොත වන විට ආසියානු තරගාවලිය සම්බන්ධයෙන් වැඩ කරන්නට ප්‍රමාණවත් කාලයක් ඉතුරු නොවනු ඇත.
කෙසේ හෝ අවසානයේ ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාවේ රගර්වල ස්ළුාදීනත්වයට අනිසි බලපෑම් කරමින්,ශ්‍රී ලංකා රගර්වලට පිටින් අමාත්‍යවරයා සමඟ තීරණ ගන්න ගිය ආසියානු සභාපතිවරයා විවේචනය කිරීමට කොන්ද තිබුණු සභාපතිවරයෙක් ආරක්ෂා කර ගැනීමට මේ රටේ අමාත්‍යවරු ඉදිරිපත් වීම වෙනුවට සමස්ත ලාංකේය රගර් ක්‍රීඩාවම ආසියානු සභාපතිවරයාගේ තීරණය පදනම් කරගෙන විනාශ වෙන්න ඉඩ හැරිමය.
අවසානයේ ශ්‍රී ලංකාවට ඔලිම්පික් කමිටුව හරහා හෝ ආසියානු තරගාවලියට යන්නට දුන් අවස්ථාව මේ අපැහැදිලිකම් මත දේශපාලනමය වශයෙන් වන බලපෑම් මත කිරීමට නොහැකි වුවහොත් හෝ නොකළොත්,ජාත්‍යන්තර තහනම තව දුරටත් වඩාත් බලසම්පන්න ආකාරයට ක්‍රියාත්මක විය හැකිය.අඩුම තරමේ රොෂාන් රණසිංහ දේශපාලකයන්ට නැති ලැජ්ජාවක් මේ රටේ වැදගත් පුරවැසියන්ට ඇති බව සිතනවානම් මේ ප්‍රශ්ණය තමන්ගේ අපේක්ෂිත මට්ටමෙන් නිමා කර ගැනීමට හැකියාව ඇත.උදාහරණයකට විදුලි බිල සම්බන්ධයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් එය නොකළ බව කියන නාමල් රාජපක්ෂ පන්සල්වල විදුලි බිල නොකපන්නේනම් එය ගෙවන බව කියන්නේ තමන්ට පෞද්ගලිකව එය විඳීමට අයිතියක් ඇති බව සහ තමන් එය පන්සල් වෙනුවෙන් එසේ තිබියදීත් බෞද්ධයෙක් වශයෙන් ගෙවන්නට සූදානම් බව පෙන්නා දෙමින්ය.ඒවාට සාදු කියන මට්ටමේ සමාජයක ලැජ්ජාව නොතිබීම දේශපාලකයාගේ ආභරණයක් සේ නොසිතන පිරිසකුත් ඇත.අඩු තරමේ ඒ බුද්ධිය හෝ අමාත්‍යවරයා විසින් තමන්ගේ උවමනාවට පත් කළ ස්ථාවරකරණ කමිටුවට කියා දී තමන්ගේ අමාත්‍ය ධූරය සමයේ රගර් පදක්කමක් ආ බව කියන්නට පාර කපාගන්න උථ්සාහ නොගන්නේ එවැනි හැඟීමක් නැති බැවින්ය.
කෙසේ හෝ අනාගතයේ දිනෙක මේ ඉතිහාසය ලියැවෙනු ඇත්තේ කළු අකුරෙන්ය.කිළිට පසුබිමකය.වසර එකසිය පහළොවක් ඇති රගර් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රගර් ඉතාම තීරණාත්මක ජයග්‍රාහී මොහොතකදී විනාශ කර දමන්නට වසර 13 ක ඉතිහාසයක් ඇති රටක පුද්ගලයෙක් යොදා ගෙන තමන්ගේ දේශපාලන සහ බල ව්‍යාපෘති වෙනුවෙන් විනාශ කළ ආකාරය ඒ කැත, කිළිටි, කළු පසුබිම තුළ දකින්නට ලැබෙනු ඇත.වසර සියයකට ආසන්න ඉතිහාසයේ ඒ විනාශය පිටුපස රටට ඊට පෙර අපකීර්තිය ගෙන එමින් විදේශ ක්‍රීඩකයන් ක්‍රීඩා කරවා, ජාත්‍යන්තර දඩයකට රට යටත් කර පුද්ගලයාත්,දේශපාලන නායකයෝත් එක පෙළට ඉන්න ආකාරයත් ලියැවී තිබෙනු ඇත.සාමාන්‍යයෙන් කුමන හෝ හේතුවක් මත මීට වඩා වෙනස් හිතන්නෙක් ඒ කදවුරේ සිටියා කියා ඔහුට අමුතුවෙන් කීර්තියක් නොලැබෙන්නේ අසූචි ගොඩක් මැද වළදන්නට හොඳ පරිප්පු ඇට නොසොයන බැවිනි.

රගර් අතුරු කමිටුව පත් කිරීමෙන් පසුව දේශපාලන අතපෙවීහ් ඇති බව පවසමින් ජාත්‍යන්තර විසින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව තහනම් කරන්නට යෙදිණ.


සටහන් -නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan