දකුණු ආසියාවේ හෙට දවස ජය ගන්න කත්මණ්ඩු යන ලංකාවේ හෙට දවස

Date:

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවත්වෙන ත්‍රිපුරේශ්වර්හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේදී පැවත්වීමට නියමිත දකුණු ආසියානු අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ දකුණු ආසියානු බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම,අගෝස්තු 18 සිට 22 දක්වා දකුණු ආසියාවේ හෙට දවසේ අභියෝග පරාජය කරන්නට සිය උපරිමය පෙන්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයේ අදහසයි.
මේ වන විටත් ජාත්‍යන්තර අත්දැකීම් ඇති සහ ජාතික මට්ටමෙන් දස්කම් දක්වන යොවුන් ක්‍රීඩක කීඩිකාවන් ද ඇතුළත් වන ශ්‍රී ලංකා කණ්ඩායම,මේ තරගාවලියේදී සිය අනාගත බලාපොරොත්තු ඉල්කක ගත කළ යුතු මානයන් නිවැරදිව හඳුනාගනු ඇත.
රනිත්මා ලියනගේ, නෙත්මි අමායා රත්නායක, සිතුලි රණසිංහ, රනුමි සුහස්නි මානගේ, සෙනුත් සෙත්මිත පෙරේරා, කෙනෙත් අරුග්ගොඩ, තිදාස ඉරුෂිකා වේරගොඩ සහ හිරුක සහන්මිත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට නියමිතව ඇත.කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තරුණ පුහුණුකරුවෙක් මෙන්ම ජාතික මට්ටමෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර අත්දැකීම් ඇති ක්‍රීඩක ඉතිහාසයක් ද ඇති හසිත චානක ය.කාන්තා කණ්ඩායම් භාර නිලධාරීනිය ලෙස කණ්ඩායම හා එක් වී සිටින්නේ ධමිමිකා විතානගේ ය.
ආසියානු බැඩිමින්ටන් සම්මේලන අධීක්ෂණය යටතේ දකුණු ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය නේපාල බැඩිමින්ටන් සංගමයට මූලිකත්වය පවරා සංවිධානය කරන මෙම බැඩිම්න්ටන් තරගාවලිය මෑත කාලයේ නේපාලය, ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලි සංවිධානය කිරීමට ගන්නා උනන්දුවේ වැදගත් පියවරක් හැටියට සැළකිය හැකිය.
අදට වඩා හෙටට වැදගත් දකුණු ආසියාවේ බැඩිමින්ටන් පෙරළිකාරයන්ගේ හැකියාවන් එලෙන කත්මණ්ඩු නුවර පැවත්වෙන ත්‍රිපුරේශ්වර්හි ජාතික ක්‍රීඩා කවුන්සිලය මේ තරගාවලියේ දී දකුණු ආසියාවේම බැඩිමින්ටන් සැළසුම් කරුවන්ගේ ඇස් ඩැහැ ගන්නා තැනක් වනු නිසැකය.එසේම බොහෝ රටවල් ඒ ඇස් ඩැහැ ගන්නා සුවිශේෂි ක්‍රීඩකයින් ඇස් මෙන් රැක බලා ගැනීමට සිය අවධානය යොමු කරන ඇත.ශ්‍රී ලංකාවට ද එවැනි කිසිවෙකුට වෙනස් කරන්නට නොහැකි අනාගතය වෙනුවෙන් පලදායි ප්‍රතිපත්තමය තීරණයක් ගන්නට මේ කණ්ඩායමේ දක්ෂතා හරහා හැකියාව ලැබෙනු ඇත.


මල දැල ඉමෙන් එහා ජයග්‍රාහී ලකුණු විදිහට පතිත වන සුන්දර අත්දැකීමක් කර ගන්නට ශ්‍රි ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපි ශක්තිය හා දිරිය පතන්නෙමු.ඔවුන් දෙස වඩා වලකීමෙන් දකින්නට ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ට ද අදහස් පහළ වේවා යැයි ද අපි සුබ පතන්නෙමු.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ඡායාරූපය මේ සමඟ දැක්වෙයි.


ඉදිරි පෙළ වමේ සිට රනිත්මා ලියනගේ,හසිත චානක (පුහුණුකරු),අජිත් විජයසිංහ (ලේකම් ශ්‍රී ලංකා බැඩිමින්ටන්),රොහාන් ද සිල්වා (සභාපති ශ්‍රී ලංකා බැඩ්මින්ටන්),ධම්මිකා විතානගේ (කාන්තා කණ්ඩායම භාර නිලධරිණිය) සහ තිදැස ඉරුෂික වේරගොඩ
දෙවන පෙළ වමේ සිට – කෙනත් අරුග්ගොඩ,සිතුලි රණසිංහ,හිරුක සහන්මිත්,සෙනුත් සෙත්මිත,රනුමි සුහස්නි මානගේ සහ නෙත්මි අමායා

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු.....? 🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික...

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර...

ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වෙමු – කොළඹදී විරෝධතාවක්!(PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරයට...

ඉරානයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රති ප්‍රහාර; ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)උදෑසන ඊශ්‍රයල හමුදාව...