ජෝර්දානයේ අනුමත වන සයිබර් අපරාධ නීතිය

Date:

ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු ජාතික සමගියට හානිකර යැයි සැලකෙන අන්තර්ජාල කථනය මර්දනය කරන සයිබර් අපරාධ පනත් කෙටුම්පතක් අනුමත කර ඇති බව වාරතා වේ.

මෙය ඩ්‍රැකෝනියානු නීතිය ලෙස හදුනවන අතර එය හෙට දිනයේ(13) රාජ්‍ය පුවත්පත වන අල්-රායි හි පළ වී මාසයකට පසුව ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම පනත් කෙටුමපත හරහා අනාචාරය, උසිගැන්වීම්, ආගමට නිග්‍රහ කිරීම හෝ ජාතික සමගිය යටපත් කිරීම වෙනුවෙන් සිර දඩුවම් හා දඩ ගෙවීම් ඇතුලත් වේ.

මෙම නීතිය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර, හියුමන් රයිට්ස් වොච් ඇතුළු අයිතිවාසිකම් කණ්ඩායම් 14 ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නීතිය දරුණු බවයි.

කෙසේ නමුත් විචාරකයන් මෙම පියවර හදුන්වා ඇත්තේ, සමාජ මාධ්‍ය අවහිර කිරීම් ඇතුළුව අන්තර්ජාල කථනයට එරෙහි මර්දනයන් ගණනාවක නවතම පියවරක් වන බවයි.

සශිකලා මධුෂාණී _ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...