කොන්දේසි ඉටු වෙනවා නම් ඇමතිකමක් ගන්න සූදානම් – චම්පික (VIDEO)

Date:

රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගනිමින් ජනතා විශ්වාසය යළි දිනාගැනීම සඳහා තමන් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටුවන්නේ නම් අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සියලුම පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම, රටේ ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවම වැඩපිළිවෙලක් ප්‍රසිද්ධියට පත්කිරීම, ඒ මත පදනම්ව අයවැයක් ඉදිරිපත් කිරීම, අමාත්‍ය ධුර නොමැති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරකසභා ක්‍රමයක් හරහා අමාත්‍යාංශ හැසිරවීමට අවස්ථාව ලබාදීම, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු රටට අතිශයින්ම බලපාන රාජ්‍ය ආයතන සඳහා කාටත් පිළිගත හැකි වෘත්තිකයින්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම යනාදී කොන්දේසි මේ වනවිටත් තමන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ඒවායින් ඇතැම් දේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද එකඟ වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

“අපි ඇමති ධුර හරියට කරලා පෙන්නපු අය. අර මං කියපු කොන්දේසි ඉටුවෙනවා නම් අපි ඔය ඕනෙම වගකීමක් ගන්න සූදානම් බව අපි හැමවෙලාවෙම ප්‍රකාශ කරලා තියෙනවා”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...