*
Friday, April 19, 2024
spot_img

Latest Posts

කාලි නඩේ 16 දා ලංකාවට

විශාල අර්බූද ගණනාවක් ඇකි කළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ බොහෝ හිස් තැන් මතු කර පෙන්වූ 2022 ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ අවසාන කණ්ඩායම 16 දා අළුයම ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇත.
ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් කොවිඩ් ආසාධණය වීම නිසා එරට රැදී සිටිය අතර ඔවුන් තිදෙනා සහ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු 16 දා අළුයම දිවයිනට ළඟා වීමට නියමිතය.මෙම ක්‍රීඩකයින්ට කොවිඩ් වෛරසයට ගොදුරු වීමෙන් ඉනික්බිතිව කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සංචාරයට එක් වූ භද්‍රා ගුණවර්ධන මහත්මිය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ කරුණු නො’සළකා කණ්ඩායමේ ක්‍රීඩිකාවකද සිටියදී ශ්‍රී ලංකාවට පැමිණියාය.සෞඛ්‍යඹය හේතු නිසා 73 හැවිරිදි ඇය කොවිඩ් ආසාධිතයින් අතර රැදී නොසිටීම මානුෂික කරුණක් වුව,එවැනි අවදානම් වයසක තැනත්තියක් මෙවැනි කාලවකවානුවක කහ උණ සඳහා වන විශේෂ එන්නත් ද රැඟෙන මෙම සංචාරය සඳහා එකතුවීම මෙන්ම බලධාරීන් ඇයව නම් කිරීමද ගැටළුකාරීය.
එතැන් සිට කාන්තා ක්‍රීඩිකාවක සමඟ ක්‍රීඩකයින් දෙදෙනාද සමඟ රැදී සිටි පුහුණුකරුට සංචාරයට එක්වීමේ සිටම ඇති වූ දැඩි ගැටළුකාරී තත්ත්වයේ අලුත් පරිච්ඡේදය සමඟ සටන් වැදීමට සිඳු වූ අතර එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මැදිහත්ව කොළොම්ඹියානු මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්නට ක්‍රියා කර ඇත.ඒ අනුව දින ගණනාවක නිරෝධායන කටයුතු නිමා කර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිඳු කළ ඇන්ටිජන් පරික්ෂාවෙන් සමත් වී ඇති අතර හෙට (කොළොම්ඹියා දවස – අගෝස්තු 14) පස්වරුවේ ඔවුන් කාලි සිට පැනමා දක්වාත්,එතැනින් බ්‍රසීලය දක්වාත්,බ්‍රසීලයේ සිට දෝහා හරහා ශ්‍රී ලංකාවටත් පැමිණීමටත් නියමිතය.
මේ සංචාරය සම්බන්ධයෙන් ඇති වූ කණගාටුදායක තත්ත්වය හේතු කරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු වෙනස්වන බවටත්,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට අතුරු කමිටුවක් පත් කරන බවටත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළ අතර කාලයත් සමඟ ඇමතිවරයාගේ එම ප්‍රකාශය හිතලව පිළුණු වෙමින් ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan