*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

මහවැලියට අද වෙලා තියෙන දේ බැලුවාම හරිම කණගාටුයි – මයන්ත (VIDEO)

මහවැලි ව්‍යාපාරය අද වනවිට පත්ව ඇති තත්වය ඉතාම කණගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

“මහවැලි ව්‍යාපාරය අද විනාශ කරනවා. ඉස්සෙල්ලාම තීන්දුවක් ගත්තා මහවැලි ඉඩම් පිළිබඳව, මහවැලි ඉඩම් බලතල දෙන්න යනවා ප්‍රාදේශීය ලේකම්වරුන්ට. අද බැලුවාම හරි කණගාටුයි කියන්න මහවැලියට වෙලා තියෙන දේ.

දැන් බැලුවාම මුළු අක්කර 65000 කට වැඩි ප්‍රමාණයක් මේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා හානියට ලක්වෙලා තියෙනවා. මේකට දේශපාලන නායකත්වය, ඇමතිවරුන් වගේම ලේකම්වරුත් වගකිව යුතුයි. ඒ වගේම ඇමතිතුමාම මාධ්‍යයට කියනවා මේවාට වන්දි පිළිබඳවත් ගැටලුවක් තියෙනවා කියලා. ගොවීන්ට වන්දි දීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. මම මතක් කරනවා 1983 – 84 කාලයේ දෙහි අත්තකණ්ඩිය, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල අස්වැන්න විනාශ වුණාම ගාමිනී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ ප්‍රදේශවල ජනතාව කන්න දුන්නා අවුරුද්දකට. හැබැයි අද මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය ගැන අපි ඉතාම කණගාටු වෙනවා”

මයන්ත දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan