අපට ඕනෙ නම් අපි බනිනවා, නැත්නම් නිකම් ඉන්නවා. කවුරුත් ගහන පදයට නටන්නේ නෑ අපි – අනුර (VIDEO)

පළාත් පාලන මැතිවරණය කල්දැමූ අවස්ථාවේ ජාතික ජන බලවේගය පාරට බැස මහා කලබලයක් කරනු ඇතැයි ඇතැමුන් බලාපොරොත්තුවෙන් සිටියත් එවැන්නක් සිදු නොවූ බවත් අරගලය ත්‍රීව්‍ර කළ යුත්තේ කුමන අවස්ථාවේදීද, අරගලය මන්දගාමී කළ යුත්තේ කුමන අවස්ථාවේදීද යන්න පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තම පක්ෂය යනු දීර්ඝ කාලීන අත්දැකීම් ඇති දේශපාලන ව්‍යාපාරයක් වන අතර තමන් පුරුදු වන්නට දේශපාලනය කරන පිරිසක් නොවන බවයි ඒ මහතා අවධාරණය කළේ.

අරයාට බනින්නේ නැද්ද, මෙයාට බනින්නේ නැද්දැයි ඇතැමුන් ප්‍රශ්න කිරීම ගැන කලබල නොවන ලෙස පැවසූ ඒ මහතා තම පක්ෂය තීන්දු තීරණ ගන්නේ තම පක්ෂයට අවශ්‍ය ආකාරයට මිස වෙනත් කිසිවකුට අවශ්‍ය ආකාරයට නොවන බවත් සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...