*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/14

  1. දේශීය ණය ප්‍රශස්තකරණය කිසිඳු අධිකරණයක් තුළ අභියෝගයට ලක්කළ නොහැකි බවට කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා මෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහ සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති: කෙසේවෙතත්, මෙම කරුණ පිළිබඳ තම මතයේ වෙනස් වීමක් සිදු නොවන බව කතානායකවරයා පවසයි.
  2. අවම කාමර ගාස්තු ප්‍රතිපත්තිය (Minimum Room Rate Policy) නැවත හඳුන්වා දුන්නේ හෝටල් පිරිහීම වැළැක්වීම සඳහා බව සංචාරක හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් පවසයි: වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් ඇතුළත් කර ගනිමින් අඩු මුදලක් අය කිරීම සංචාරක කර්මාන්තය දියුණු නොකරන බව පවසයි: එහෙත් මෙම පියවර සංචාරක කර්මාන්තයේ පරිහානියට හේතුවන බව ඇතැම් පාර්ශවකරුවන්ගේ මතයයි.
  3. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ගේ අයහපත් සහ නැවත අයකරගත නොහැකි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බැංකු හෝ මහ බැංකුව විසින් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, දැනට 18% ඉක්මවන බැංකු අංශයේ අක්‍රීය ණය අනුපාතය 40% දක්වා ඉහළ යනු ඇතැයි ඉහළ පෙළේ ව්‍යාපාරික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
  4. රටේ ආර්ථික අභියෝග විසඳීම ණය ප්‍රශස්තකරණය කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වය ද අභිබවා යන දෙයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: නිවැරදි තීරණ මගින් මෙහෙයවනු ලබන ආර්ථිකය ගොඩනැගීමේ උපාය මාර්ගයක් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි: නව වැඩපිළිවෙලක් සක්‍රියව අනුගමනය කිරීමට අසමත් වූවහොත් දශකයක කාලයක් තුළ රට තවත් ආර්ථික අගාධයකට මුහුණ දීම නොවැළැක්විය හැකි බවට අනතුරු අඟවයි.
  5. උඩවලව ජලාශයේ සීමිත ජල ධාරිතාව පිළිබඳව මහවැලි අධිකාරියේ අවධානය යොමුවෙයි: එම කලාපයේ ජල අවශ්‍යතා සඳහා තවත් දින 3 කට පමණක් එම ධාරිතාව ප්‍රමාණවත් බවට අනතුරු අඟවයි.
  6. රජය විසින් පෞද්ගලීකරණය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, 2022 දෙවන කාර්තුව තුළ වාර්තාකළ රු. බිලියන 1.96 ක ලාභයට සාපේක්ෂව 2023 දෙවන කාර්තුව තුළ රු. බිලියන 2.1 ක ශුද්ධ අලාභයක් වාර්තා කරයි: එම සමූහයේ ආදායම රු. බිලියන 26.9 සිට රු. බිලියන 26.1 දක්වා පහත වැටී ඇති බව සඳහන්: ෆයිබර් ජාලයේ මුදල් ඉපැයීමේ (monetisation) ප්‍රමාදය සහ ග්‍රාහක පදනම (subscriber base) මිලියන 01 කින් පහත වැටීම හේතුවෙන් මොබිටෙල් හි ආදායම් හැකිලීම මීට හේතුව බව සඳහන්.
  7. පවතින වියළි කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ “මී උණ” ලෙස හැඳින්වෙන ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) ව්‍යාප්තිය ඉහළ යාම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති: මිරිදිය මසුන් ඇල්ලීමේ නිරත පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
  8. ව්‍යවස්ථාපිත ක්‍රම ඔස්සේ “ඊළම” පිහිටුවීමට උපකාර කිරීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වන්නේ දැයි හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් ප්‍රශ්න කරයි.
  9. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙන් අවම වශයෙන් ඇ.ඩො. බිලියන 2 ක ආදායමක් උපයා ගැනීම සඳහා මනා ව්‍යුහගත උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
  10. මහජන පෙලපාලි මත ඇතිවිය හැකි අවදානම්, ඇතැම් ආනයනික ආහාර සහ ඖෂධ හිඟය සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේ දී ‘ඉහළ මට්ටමේ අවධානයකින්’ (high degree of caution) කටයුතු කළ යුතු බව ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට පැමිණෙන තම පුරවැසියන්ට අනතුරු අඟවයි: මෝසම් කාලගුණය හේතුවෙන් ඩෙංගු උණ අවදානමක් පවතින බවට ද අනතුරු අඟවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan