ඉතිහාසයේ ඉහළම වගා හානි මේ වර්ෂයේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉතිහාසයේ ඉහළම වගා හානි ප්‍රමාණය මෙම වර්ෂයේ දී ගෙවීමට සිදුවනු ඇති බවයි  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසෙන්නේ. ඒ පවතින නියං තත්ත්වයේ බලපෑම හේතුවෙනි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති කෘෂි ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

“රටේ විශාල ප්‍රශ්නයකට අපි මුහුණදෙනවා. ‍ආහාර හිඟයකට අපිට යම් මට්ටමකට යෑමේ අවධානමක් තියෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අපි දැන්ම රටින් හාල් ගේන්න ඕනේ නෑ. මොකද ගිය කන්නය අපිට සාර්ථක වුණා. අපේ ගොවියන්ට පිංසිද්ධ වෙන්න එහෙම කතාවක් දැන්ම ඕනේ නෑ. අවශ්‍යම වුණොත් විතරක් අපි ගෙන්වමු. මොනවා හරි කන්න දෙයක් ගෙදර හදා ගන්න. ඒක රහ ද ගුණ ද කියන එකට වැඩිය මොනවා හරි පැළවෙන දෙයක් හදා ගන්න. මොකද ඉස්සරහට තියෙන තත්ත්වය එච්චර හොඳ නෑ. මේ එල්නිනෝ තත්ත්වය නිසා සම්පූර්ණයෙන් කාලගුණය වෙනස් වෙන්න පුළුවන්. හැමදාම ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැන්නා කියලා වැඩක් නෑ. අපි බලන්න ඕනේ මොනවා හරි දෙයක් වගා කරගන්න.”

තවද , වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන අතර ඒ, පවතින වියළි කාලගුණය හේතුවෙන් සහ වගාවට ජලය නොමැති වීමෙන්ය.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ, වගා වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට කණ්ඩායමක් අද (14) පිටත්ව යන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත්...

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...