*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අලින් සමඟ ඔට්ටු වේවී පාසල් එන ජයසිරිපුර පැංචියන්ට සුපිරි ජයක්

සුපිරි දිස්ත්‍රික් ටේප් බෝල් ක්‍රිකට් තරගාවලියේ සූරියන් වන්නට පොළොන්නරුව ජයසිරිපුර විද්‍යාලයට හැකියාව ලැබුණා.අලිත් සමඟ ඔට්ටු තියන පංචි කෙල්ලන් රෑනක් වටා ගෙතුණ ජයසිරිපුර විද්‍යාලීය ක්‍රිකට් ගැන රට මීට වසර කිහිපයකට ඉස්සර කතා කරන්න ගත්තෙ එහි ක්‍රීඩා ගුරුවරයා වූ ජනක වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියත් සමඟ.ඔහුට පුළුවන් වුණා අලිත් එක්ක ඔට්ටු තියන මේ පාසලේ පැංචියන්ගෙ නිර්භිත හිත් ක්‍රිකට් පිට්ටනියේ තැන්පත් කරන්න.


එතැන ඉදලා අවස්ථා ගණනාවකදි ඇලහැර ජයසිරිපුර ගම ගැන රටට කියන්න ඒ විද්‍යාලයේ පුංචි කෙල්ලන්ට හැකියාව ලැබුණෙ ජානක හඳුන්වලා දීපු ක්‍රිකට් නිසා.ලෙදර් බෝලයට වඩා පොඩිත්තක් බර පොඩි කෙලි පැටව් පවා පන්දුවයි පිත්තයි එක්ක කිසි බයක් නැතුව ඔට්ටු වෙන්න ඉස්සරහට ආපු ගමණෙ එක එක ජයග්‍රාහී සංධිස්ථාන පහු කරගෙන තමන්ට වඩා වයසින් ශරීර ප්‍රමාණයෙන් ලොකු වෙච්චි සහ තමන්ට වඩා පහසුකම් ඇති පාසල්වල කෙල්ලන් පරාජය කරමින් පැමිණ ජයසිරිපුර ගමණෙ තවත් එක් සංධිස්ථානයක් හැටියට මේ ජයග්‍රහණය හදුන්වා දෙන්න පුළුවන්.


පොලොන්නරැව / අනුරාධපුරය/ යාපනය/වවිනියාව/කුරැණැගල /පුත්තලම/මාතලේ යන දිස්ත්‍රික්ක හතම සහභාගි වුණ සුපිරි පළාත් තරගාවලිය දිස්ත්‍රික් 24 කොටස් හතරකට බෙදලා පවත්වන තරගාවලියක එක කොටසක්.ඒ කොටසට අයත් සුපිරි පළාත් තරගවලියෙ සූරියන් ජාතික මට්ටමේ අවසාන කණ්ඩායම් හතර අතරට එන්නට ජයසිරිපුර සමත්වීම ඔවුන්ගේ අලුත්ම වික්‍රමය වෙනවා.
පන්දු ඕවර් 10 ක් සඳහා වෙන් වූ මේ තරගාවලියේ දී අවසන් පූර්ව තරගයේදී ජයසිරිපුර විද්‍යාලීය ආරම්භක පිතිකාරීනියන් දෙපළ වන නායිකා වදලි ඉසුරිකා සහ උප නායිකා තරුෂි චමෝද්‍යා ආරම්භක කඩුල්ලට ලකුණු 164 ක් ලබා ගැනීම කැපී පෙණුනා.කිසිවෙකුත් නොදැවී රැස් කර එම ලකුණු ප්‍රමාණය නිසා අවසාන තරගයට විශිෂ්ඨ පිවිසුමක් ලබා ගත් ජයසිරිපුර පැංචියන් අතරින් වදලි මේ තරගාවලියෙ එකම අර්ධ ශතකලාභිණිය වුණේ අවසාන පූර්ව තරගයේදී වාරියපොළ සුමංගල විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 64 සමඟින්.


ගන්තිරියාගම විද්‍යාලය සමඟ අවසන් පූර්ව තරගය සුමංගල විද්‍යාලය සමඟ තරගය තරම් පහසු වුණේ නැහැ.කඩුලු 5 ක් පූජා කර ලකුණු 103 ක් ලබා ගන්තිරියාගම ට දුන්න ඉලක්කය පසුපස ඔවුන් විශිෂ්ඨ ලෙස හඹා ආවත් ජයසිරිපුර ක්‍රීඩිකාවන්ගේ සුපිරි පන්දු රැකීම තරගය ගන්තිරියාගම දෙසින් නැවත නැවත තමන් වෙතට ඇඳගෙන ඒමට ජයසිරිපුර පැංචියන්ට හැකියාව ලැබුණා.එක් අවස්ථාවක් පුංචි හිමාලි විසින් හතරේ සීමාව ආසන්නයේ රැකගත් උජ පන්දුව තරගය නැරඹු සියලු දෙනාට තරගයේ හැරවුම් ලක්ෂය වුණේ ඒ නිසයි.නමුත් අවසන් ඕවරය ලකුණු 6 ක් පමණක් අවශ්‍යය වන මට්ටමට තරගය පෙරට රැඟෙන ආ ගන්තිරියාගම ක්‍රීඩිකාවන්ගෙන් අවසන් ඕවරය විශිෂ්ඨ ලෙස යොමු කළ රශ්මි මධුශානි තරගයේ ජය එක ලකුණකින් ජයසිරිපුරට විඳින්නට අවශ්‍යය පදනම සකස් කළා.


එසේම ගන්තිරියාගම ගමණ හරස් කරමින් සදලි නෙලුනිකා කඩුලු තුනක් ලබා ගනිමින් පන්දු යැවීමෙන් කළ දස්කම ද කැපී පෙණුනා.ජනකට කොච්චර බාධක ආවත්,මේ අලි ඇතුන් සමඟ ඔට්ටු වෙවී පාසල් එන පුංචි කෙලි රෑන එක්ක යන්න පුළුවන් උපරිමයට ඔවුන් රැඟෙන යන්න දරන වෙහෙස අගය කළ යුතුයි.අනේක විධ බාධක මැද උදේට එළිය වැටෙන්න ඉස්සර පාරට බහින අලින්ගෙ ඇස් රවට්ටමින් හොරෙන් හොරෙන් පාසල් එන මේ පැංචියන් ගැන වගේම ජයසිරිපුර පාසලේ ක්‍රිකට් රඳවා ගෙන පාසලේ අධ්‍යාපනය භෞතික සම්පත්වලින් පෝෂණය කරන්නත් අධ්‍යාපන බලධාරීන් කැප වුණොත් මේ පාසලට ඇතුල් වෙන දක්ෂයන් ප්‍රමාණය වැඩි වේවි.ඒ වගෙම ඒ අතරින් ඉහළ දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩිකාවන් ද ජයසිරිපුරට වගේම රටටත් ලැබේවි.


අනේක බාධා කිරිම් මැද මේ කණ්ඩායම සමඟ ජනකට ජයග්‍රාහීව මේ ගමණ යන්නට පාසලේ විදුහල්පතිවරයා මෙන්ම සහෝදර ගුරු කැළ දෙන සහයත් අතිශයින් වැදගත් වන අතර ජනක සිය කණ්ඩායම සමඟ ඒ අය අතර විශේෂ කොට ස්තූතිය සටහන් කරන්නේ සේපාලිකා ගුරැ මහත්මිය⁣ට සහ සියලුම දෙමාපියන්ටත්,ආදි ශිෂ්‍ය සංගමයටත්,ක්‍රිඩා සංගමයටත් පාසලේ බාලක ක්‍රිකටි කාණ්ඩායමෙි සියලුම දරැවන්ටත් ය
තවමත් ඒ හැටි වෙනසක් නැති ජයසිරිපුර ඉතිහාසය ගැන කෙරුණු මේ වීඩියෝව බලන්න.
https://www.youtube.com/watch?v=BolX4NZDJo8&t=100s

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan