දිස්ත්‍රික්ක රැසක  ජනතාව නියඟයෙන් දැඩි පීඩාවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 50,000 (51,641) කට අධික සංඛ්‍යාවක ජීවත් වන 170,000 (171,781) කට අධික පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) තත්ත්ව වාර්තාවක් හෙලිදරව් කරයි.

මෙලෙස නියඟයෙන් පීඩාවට පත් ජනතාව දිස්ත්‍රික්ක 13 ක ජීවත් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණු පළාත්වලින් බව වාර්තාව පෙන්වා දෙයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව පානීය ජල හිඟයකට මුහුණ දී ඇති බව එම වාර්තාව( DMC)  වැඩිදුරටත් සඳහන් කරයි.

තවද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමය අනතුරු අඟවන්නේ, පවතින වියළි කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ “මී උණ” ලෙසද හඳුන්වන ලෙප්ටොස්පයිරෝසිස් ව්‍යාප්තිය ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බවයි.

සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...