දර්ශාට හිටපු ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උත්තර දෙයි

Date:

දමයන්ති දර්ශා විසින් ජාතික පුවත් පතකට ප්‍රකාශයක් කරමින් වර්ථමානයේ ක්‍රීඩකයින්ට මෙන් තමන්ට සැළකුම් සහ පහසුකම් නොලැබුණු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අපි අපේ විවේචනය සටහන් කර තැබුවෙමු.

එම පුවත්පතේ පළ වූ ඇයගේ සම්මුඛ සාකච්ඡාව විවිධ අර්ථයෙන් මේ වන විට සමාජ මාධය ජාලාවන් හී ද පැතිර යමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් දර්ශා ක්‍රීඩාවේ නියැලෙන ඇයගේ උපරිම දක්ෂතා පළ කරන කාලයෙන් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්ව සිටි ආචාර්ය ආර්.එම්.කේ රත්නායක ද එවැනි අවස්ථාවක සිය අදහස ඉදිරිපත් කර ඇත.

ආචාර්ය ආර්.එම්.කේ රත්නායක


ඔහු කියන්නේ දර්ශා ක්‍රීඩිකාවක ලෙස ඉහළ දස්කම් දක්වමින් සිටි සමයේ අමාත්‍යංශයෙන් විශාල මුදලක්,නිවාස සහ වාහන පහසුකම් ද ලබා දීමට කටයුතු කළ බවය. ආචාර්ය රත්නායක තව දුරටත් එහිදී පවසන්නේ තමන්ගේ මැදි වයසේ වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් රට හැර යාම ගැන විරෝධතාවක් නැති වුව ද,තමන්ට ඉහළම පහසුකම් සැපයූ ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය නොකරන ලෙසය.

මේ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක


එම සම්පත් දර්ශාට ලබා දීමේදී අනුමත කරමින් කටයුතු කළ ඉහළම නිලධාරියා වන ආචාර්ය රත්නායක එසේ පැවසීම වැදගත් වන අතර ඊට සාපේක්ෂව අප ඊයේ ද යොවුන්,කණිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ යන තරග අංශ තුනෙන්ම මේ වන විට ශ්‍රී ලංකා වාර්තා සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනවිත් සිටින තරුෂි කරුණාරත්න කුලී නිවස සහ සිය නිවස යන දෙකම නඩත්තු කර ගත නොහැකිව සින්නක්කර නිවස විකිණිමට සොයමින් සිටියි.ඇයගේ මව පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රැකියාව කරන අතර තාත්තා ත්‍රිරෝද රථයක් පදවන්නියකි.අරුණ දර්ශන තවමත් සිය කන්තලේ පිහිටි නිවස අම්මාට සාමාන්‍ය මට්ටමට බිත්තා ඔසවා කපරාරු කර දීමට නොහැකි සොවින් තැවෙමින් සිය මලල ක්‍රිඩා දිවිය ඉදිරියට ගෙන යාම සඳහා අතින් වියදම් දරමින් විදෙස් තරගවලට පවුලට වැය කරන්නට තියෙන මුදල වැය කරමින් සිටින්නේය.
ඒ දෙදෙනා පමණක් නොව ගයන්තිකා,නදීශා දිල්හානි,කාලිංග වැනි අද මුල් පෙළේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් කවුරුන් ගත්තත් දර්ශාට තරම් ප්‍රදාන සහ තිළින නොලද්දදෝය.නමුත් දර්ශාලා දැක් වූ දක්ෂතා නිසා ඇති වූ තත්ත්වය අදටද මේ ඇගයීම්වලට ඉවහල් වන බව අපි විශ්වාස කරමු.ඒ නිසා සදාකාලික වීරත්වය රැක ගන්නේ ද,තමන්ට වඩා අඩු දෙයක් වර්ථමාන පොඩ්ඩන්ට ලැබෙන විට එය ද දරා ගත නොහැකිව කතා කර ඒ වීරත්වය නැති කර ගන්නේද යන්න දර්ශලා සිතිය යුතුව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...