වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම විදේශීය වෛද්‍යවරු ගෙන්වීමද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ වෛද්‍යවරුන්ගේ හිඟය ඉදිරියටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බවයි.

වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ, විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාමෙන් රෝහල් මුහුණ පා ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ ,

“විශාල පිරිසක් රට හැර යන්නේ නිල නිවාස හෝ එවැනි දෙයක් හින්දා නොවේ. වැඩි හරියක් රට හැර යන්නේ මේ තියන දැඩි බදු සහ රටේ තියන අස්ථාවරභාවය නිසා. වෛද්‍යවරු අඩු වෙන්න අඩු වෙන්න අපිට වෙනවා නැවතත් දාන්න ඒ කියන්නේ දෙන්නෙක් හිටිය තැනකට එක්කෙනෙක් දාන්න. තුන්දෙනෙක් හිටිය තැනකට දෙන්නෙක් දාන්න. මේ තත්ත්වය දිගටම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නෑ. එහෙම නැතිනම් අපි පිටරටින් වෛද්‍යවරු ගෙන්න ඕනේ සේවය සඳහා.”

තවද හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා රට හැරයාමෙන් රෝහල මුහුණ පා ඇති අර්බුදයට කඩිනම් විසඳුම් සපයන්නැයි සෞඛ්‍ය වෘත්තිය සංගම් පවසන අතර එහි හම්බන්තොට රෝහල් ශාඛාවේ සභාපති උජිත් පත්මේන්ද්‍ර මහතා පැවසූවේ මෙවන් අදහසක්,

“මේ වනවිට ශල්‍යකර්ම සිදුකිරීම සහ දැඩිසත්කාර ඒකකය පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක් වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල කියන්නේ ප්‍රදේශ ගණනාවක රෝගීන් රැසකට සේවය සපයන ආයතනයක්. අමාත්‍යාංශයට කියන්නේ වහාම මැදිහත් වෙලා මේ ප්‍රශ්නෙට කඩිනම් විසඳුමක් දෙන්න

යැයි සභාපතිවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...