ඉතාලියේ එට්නා (Etna) සක්‍රීය වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (13) රාත්‍රීයේ සිට ඉතාලියේ එට්නා (Etna) ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ගිනි කන්ද පිහිටි ප්‍රදේශයේ ඇති සිසිලියේ කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන්ද  අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සක්‍රීය වී ඇති ගිනි කන්දෙන් අළු සහ දුමාරය පිටවන බවයි වාර්තා වන්නේ.
තවද,  කැටානියා නගරාධිපති එන්රිකෝ ට්‍රැන්ටිනෝ ඉදිරි පැය 48 තුළ යතුරුපැදි සහ බයිසිකල් භාවිතය ද තහනම් කර ඇති අතර, ගිනි කන්දෙන් පිටවන අළු විසිරීම හේතුවෙන් මාර්ගවල ලිස්සන සුළු තත්ත්වයක් පවතින අතර අනතුරු සිදුවීම වළක්වා ගැනීම සඳහායි එම පියවර ගෙන ඇත.

2023 මැයි 21 වැනිදා ද එට්නා ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් කැටානියා ගුවන් තොටුපළ දිනකට වසා දැමුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...