ජනතා අවශ්‍යතාවය බලය බෙදීම නොවේ – සාගර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් අද (14) කියා සිටියේ, මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවයි.

බලය බෙදීමේ යෝජනාවලිය යන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය නොවන බවත්,  බලය බෙදීමේ කාරණය පසෙකින් තබා ප්‍රධාන ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත්වී  සෙසු දේවල් අමතක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කීවේය.

ජනාධිපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ ආර්ථික ගොඩනැගීම බවත්, රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදි නොමැති තත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසළකන බව කී කාරියවසම් මන්ත්‍රීවරයා පැවසීය .

රටක් වැටී ඇති අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන්න බව ද සඳහන් කළ අතර , අස්ථාවර රටක් තුළ විවිධ කරුණු කාරණා කරමින් අනිසි වාසියක් ගැනීමට උත්සහ කරන පිරිස් සිටින බව ද වැඩි දුරටත් මන්ත්‍රීවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...