පදක්කම් නැති පැරිස් මංගල්ලයේ ඉලක්කම්වලින් මැනිය නොහැකි ජයක් ගෙනා – නෙල්කා

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 15, (LNW) කොළඹ :

පැරිස් ඔලිම්පික් උළෙල නිමාවේ පදක්කම් සටහනේ තැනක ශ්‍රී ලංකාව සටහන් වී තිබුණේ නැත.එහෙත් මෙවර අපේ සහභාගීත්වයන් හයෙන් හතරක්ම වරප්‍රසාදිත තත්ත්වයේ ප්‍රදානයන් නොවිණ.සුදුසුකම් සැපිරූ අය ය.ඒ අපට සතුටු වන්නට පුළුවන් තත්ත්වයක්ය.එසේම එහි තිබුණු අනාගතයට අදාළ වටිනාකම් නිසා මෙවර ඔලිම්පික් උළෙලෙන් විහිදෙන අනාගත රැස් දහරා අපට තවත් ඔලිම්පික් ගණනාවකට බලාපොරොත්තු ඇති කරනවා.පාඩම් ඉතුරු කරලා දීලා තියෙනවා.

තෙවන තැන ගත් ආරංජෙන්ටිනාවේ විලාරිනෝ මැනුවෙල්


ඒත් මේ ඔලිම්පික් උළෙලෙ පදක්කම් පිරිනමන ජයග්‍රාහී පූවරුවකට ගොඩ නොවුණත්,පදක්කම් සටහනෙ තැනක ලංකාව රඳවන්නට අසමත් වුණත්,දෙවැනි තැනක රට තබා,ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනාපු කෙල්ලෙක් ඉන්නවා.ඇය ලංකාවෙදි නම් නීතිය සුරකින පොලිස් නිලධාරිණියක්,ක්‍රීඩාවෙදිනම් නීතියට අවනතව ක්‍රීඩකයාගේ තරග රටාව සිඳුවන්නේ ද යන්න නිශ්චය කරන විනිසුරුවරියක්.

වමේ සිට පළමුවැන්නා පළමුතැන ලැබූ කොරියාවේ ජෝන් ෂූ


ඇයි ඉතිං දෙක වුණේ?
මොනව හරි දෙයක් සිඳු වුණාම ඒක කොච්චර අමාරුද කියන එක වෙනුවට අපිට දැනෙන අසීමාන්තික උවමනාවන් විසින් ඇති කරන ප්‍රශ්නය අපේ කතා නායිකාව වන නෙල්කා ශිරෝමාලා ගෙන් අහන්න පෙළඹෙන එක මං වළක්වා ගත්තේ නැහැ.


“ෆයිනල් 13 ක් තිබුණා.ඒකෙන් 12 කම ආසියානු නියෝජනයක් තිබුණා.මං ආසියානු කෙනෙක් නිසා මට ඒ මැච්වල ඉන්න බැහැ.ආසියානු නොවන ෆයිනල් එකක් ආපු වේග්ට් ක්ලාස් එකේ මං සෙමි ෆයිනල් කරා.ඒ නිසා ඒකෙ ෆයිනල් එක කොරියාවෙ ජොන් ෂූ ට හම්බ වුණා.ඒක සමහර විට එයාට එක වෙන්න බලපාන්න ඇති.ඒත් ඉතිං එක අතකින් එකයි දෙකයි දෙකම ආසියාවෙ වෙච්චි එක ගැන සතුටුයි.තුන්වැනියා වුණේ ආර්ජෙන්ටිනාවේ විලාරිනෝ මැනුවෙල්.”
බොක්සිං විනිසුරුවො ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙ අධීක්ෂණ ඇස හරිම තීක්ෂණ විදිහට යොමු වෙලා තියෙනවා.ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය කියන්නෙ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිනොගන්න ක්‍රීඩා ඒකකයක්.ඒකට බලපාන බරපතලම කාරණයක් විදිහට ගන්න පුළුවන් බොක්සිං විනිසුරුවන් පක්ෂපාති විදිහට කටයුුතු කළ බවට ඔප්පු වූ අවස්ථාවන්.ඇඟවල්වල ලේ හලාගෙන කරන මාරාන්තික ක්‍රීඩාවක,සුදුසු කෙනාට ජය නොදෙනවා හෝ නොලැබෙනවා කියන්නෙම අමානුෂික ක්‍රියාවක්.


විදිහටම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව බලාපොරොත්තු වෙන සාධාරණය වෙනුවෙන් හිස නොනැමී, අසාධාරණ ක්‍රියාවන් පිළිබඳ සමාවක් හෝ නොගන්න තරමට උද්ධච්ඡ රුසියානු පුටිං පාලනය මෙන්ම ඔහුගේ සමීප හිතවතෙක් සභාපතිත්වය දරන ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයත් හැසිරෙන ආකාරය ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙ ප්‍රසාදයක් නැහැ.
ඉතිං එවැනි වටපිටාවක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හොඳයි කියන විනිසුරුකම රත්තරන් නෙමෙයි පෙරාපු රත්තරන් වගෙ හොඳ තත්ත්වයක්.මේ පැරිස් ඔලිම්පික් උළෙලෙන් අපට ලැබුණු ලොකුම ජය.මේ දස්කම් ජාත්‍යන්තර වශයෙන් රට කීර්තියට පත් කිරීමක් ලෙස සළකා ක්‍රීඩා අංශවලින් මෙන්ම ඇයගේ වෘත්තීය පැත්තෙන් ද යම් කිසි ඇගයීමකට ලක්වීම වැදගත්.දන්නා තරමින් නෙල්කා පොලිසියේ සංචාරක අංශයට සම්බන්ධව සේවය කරන්නියක් නිසා,ශ්‍රී ලංකාවේ පොලිසිය ගැන සංචාරකයන්ට විශ්වාසය තබාගන්න නෙල්කා වැනි චරිත වැදගත් වෙයි.


කෙසේ හෝ ඔලිම්පික් පදක්කම් අන්ධකාරයේ දුටු මේ තරු එළිය රටට වැදගත්.ඒ වෙහෙස වෙනුවෙන් සිය තීක්ෂණ ඇස සහ බුද්ධිය වෙහෙසා,සමස්ත ලාංකිකයන්ට පැරිස් පුරවරයේ කෙළි මංගල්ලයෙන් සුබ පණිවිඩයක් ගෙනෙන්නට කැප වුණු නෙල්කාට අපි ගෞරවාදරය පුදන්නෙමු.එමෙන්ම ජාත්‍යන්තර බොක්සිං පිටියෙ ඉදිරි ගමන පියෙන් පිය තුටෙන් ඉපිළෙන ජයග්‍රාහී විශ්වාසය තහවුරු කරන ගමණක් වන්නට ද ආශිර්වාද එක් කරන්නෙමු.


අතිශයින් තරගකාරි වට පිටාවක,පවතින තත්ත්වයන්ට සාපේක්ෂව සංයමයෙන්,ශික්ෂනයෙන් යුතුව ඉතාම නිවැරදි තීරණ ලබා දීම වෙනුවෙන් වෙහෙසුණු ඇය,රටට ගෙන දුන් කීර්තිය මිලක් සටහන් කළ නොහැකි වුව,සතුට ප්‍රකාශ කරන්නට සාධකයක් හැටියට මිලක් යෙදිය හැකියි.ඒ ඇගයීම ඇයට ඇයගේ ගමණට අභිප්‍රේරණයක් සපයන වැදගත් සාධකයක් ලෙස එකතු වෙයි.අප මේ ගැන වගකිවයුතු අංශයන් හී හැසිරීම ගැන අවධානයෙන් සිටින්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...