රටේ ඉරණම තීන්දු කිරීම වෙනුවෙන් සැප්තැම්බර් 21 නිවැරදි තීන්දුවක් ගන්න – හදුන්නෙත්ති

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දු කිරීමට සැප්තැමබර් 21 ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

රටේ ඉරණම කුමන අතකට යන්නේද යන්න තීරණය වන්නේ ඉදිරි සති හතරක කාලය තුළ ගතකරන ජීවිතය විසින් බවයි හදුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

”අපි විශ්වාස කරන විදිහට අපේ රටේ ඉතිහාසයේ ඉරණම කොයි පැත්තට යනවද කියන එක තීරණය කරන්නේ අපි ඔබ මේ සති හතරේ ගතකරන ජීවිතය අනුව. ඔබලාට පුළුවන් ඉතාම පටු,පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් අපේ රටේ ඉරණම තීරණය කරන්න. ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු පිල්මාරු කරලා තීරණය කරන ආකාරයට එහෙම නැත්නම් ඔබලාට පුළුවන් අපේ සමාජයේ ඉදිරි ගමන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් තීරණයක් ගන්න. ඒ දෙකම මේ රටේ ජනතාව ඉස්සරහ තියෙන්නේ. 2019 රටේ ජනතාව හුඟක් ගෝඨාභය රාජපක්ෂ ගැන විශ්වාස කළේ දේශප්‍ර්මි හැඟීමෙන්. ඒක ජනතාවගේ තිබ්බ වැරැද්දක් නෙවෙයි. ජනතාව දේශප්‍රේමී තමයි. රට ජාතියට ආදරෙයි තමයි හොරකමට අකමැතියි තමයි හැබැයි ජනතාව ළඟ තිබෙන ඒ උදාර හැඟීම බලය ලබා ගත්ත පාලකයෝ ළඟ තිබ්බද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ.”යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...