*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ඉතිහාසයේ තියුණුම මැතිවරණයට අපේක්ෂකයන් 39 ක් – ජනාධිපතිවරණයට පසු පක්ෂ මාරුව වළක්වන්න පාර්ලිමේන්තුව විසුරුවයි ද? තවත් සජබ මන්ත්‍රීවරු රනිල්ගේ සහායට – රිෂාඩ්, චම්පික සජිත්ට – රනිල්ට ඇමති පට්ටම් ගොඩක් – අනුර යාපාගේ නායකත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුණ බිහිවෙයි

  • ඉතිහාසයේ තියුණුම මැතිවරණයට අපේක්ෂකයන් 39 ක්
  • ජනාධිපතිවරණයට පසු පක්ෂ මාරුව වළක්වන්න පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක්
  • තවත් සජබ මන්ත්‍රීවරු රනිල්ගේ සහායට
  • රිෂාඩ්, චම්පික දෙන්නම සජිත්ට
  • රනිල්ට ඇමති පට්ටම් ගොඩක්
  • අනුර යාපාගේ නායකත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුණ බිහිවෙයි

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණයට සියල්ල සුදානම්ය.මෙරට ඉතිහාසයේ අතිශය තියුණුම තරගය ඇත්තේ මෙවරය. ජයග්‍රාහකයා කවුදැයි අවසන් මොහොත වනතුරුම කිව නොහැකි  ජනාධිපතිවරණය මෙය වන අතර බොහෝ දෙනා පවසන්නේ කිසිවෙකුට සියයට පනහක් ප්‍රතිශතය ලබන්නට නොහැකි වන අතර  දෙවන මනාපය  ගණන් කරන්නට සිදුවෙනු ඇති බවය.

අපේක්ෂකයන් 39 ක් – රන්ල්ගේ සලකුණ ගෑස් සිලින්ඩරය

මේ අතර ජනාධිපතිවරණය සඳහා  ඇප මුදල් භාරදුන් ජනාධිපති අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙනු ලැබ තිබේ.  මේ අපේක්ෂකයන් අතරින්  අපේක්ෂකයින් තිදෙනෙකුට  එරෙහිව විරෝධතා ගොනුකර තිබූ නමුත් ඒවා 3 ම නීතිමය වලංගුභාවයක් නැති නිසා මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරන ලදි.  ඒ අනුව 39 දෙනෙකු ඉදිරි ජනපතිවරණය සඳහා තරගවැදීමට තෝරාගෙන තිබේ.

සරත් මනමේන්ද්‍ර, දිලිත් ජයවීර, අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්, ASP ලියනගේ, පානි විජේසිරිවර්ධන, ප්‍රියන්ත වික්‍රමසිංහ, අජන්ත ද සොයිසා, බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් ෆොන්සේකා, නුවන් බෝපගේ, ඕෂල හේරත්, ජනක  රත්නායක, කේ කේ පියදාස, මයිල්වාගනම් තිලකරාජා, සිරිපාල අමරසිංහ, පාක්‍යසෙල්වම් අරියනේත්‍රම්, සරත් කීර්තිරත්න, කේ ආනන්ද කුලරත්න, නාමල් රාජපක්ෂ, අක්මීමන දයාරතන හිමි, කේ ආර් ක්‍රිෂාන්, චමින්ද අනුරුද්ධ, විජයදාස රාජපක්ෂ, සිඩ්නි ජයරත්න,
සිරිතුංග ජයසූරිය, මහින්ද දේවගේ, මොහොමඩ් ඉල්ලෙයාස්, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, වික්ටර් පෙරේරා, කීර්ති වික්‍රමරත්න, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මරක්කල මානගේ ප්‍රේමසිරි, ලලිත් ද සිල්වා, PWSK බණ්ඩාරනායක, DM බණ්ඩාරනායක,
අනුර කුමාර දිසානායක, අනෝජ් ද සිල්වා, රොෂාන් රණසිංහ එම අපේක්ෂකයන්වේ.

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

රිෂාඩ් -චම්පික සජිත්ට

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට තීරණය කර තිබේ.ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසන්නේ මෙවර ජනාධිපතිවරනයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන බවය.

මේ අතර ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

රාජිත රනිල්  ළඟට – තවත් පිරිසක් මග

මේ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා එම්. වේලුකුමාර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය කරවීම සඳහා එක්ව සිටින අතර ඉදිරි දින කිහිපය තුල ගම්පහ , රත්නපුර නියෝජනය කරන සජබ මන්ත්‍රීවරු කීපදෙනෙකු හා හිටපු එජාප නායකයෙකුගේ පුතෙකුද එලෙස එක්වන බව පැවසේ.

සුදර්ශනී සජබයට        

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය , ක්‍රිකට් ක්‍රීඩකයන් වන හෂාන් තිලකරත්න , තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු පාර්ශව ගණනාවක් සජිත් ප්‍රේමදාස සමග මේ වන විට එක්ව තිබේ.

කට්ටිය රඳවා ගන්න පර්ලිම්න්තුව විසුරුවයි ද?

මේ අතර පොහොට්ටුවේ සිට රනිල් සමග එක්වූ ඇතැම්  පොහොට්ටු  සාමාජිකයන් ආපසු පොහොට්ටුව වෙත පැමිණීමද දක්නට ලැබුණි. මෙය ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක්ම සිදුවනු ඇත. ජනධිපතිවරණ ජයග්‍රහණය කරන පාර්ශවය වෙත අනෙකුත් පාර්ශව එක්ව ඉදිරි මහා මැතිවරණය තරග කරන්නට තවත් බොහෝ දෙනා බලා සිටිති. මේ සඳහ එකම විසඳුම ජනාධිපතිවරණයට දින හා අටකට හෝ විස්සකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ජනාධිපතිවරණයට පෙර නාමයෝජනා භාර දීමට සිදුවන ක්‍රමවේදයක් සකස් කිරීමය. එවිට ජනාධිපතිවරණයේදී සහය දෙන පක්ෂයට මහා මැතිවරණයේදීත් සහාය දීම හැර වෙනත් විකල්පයක් කිසිවකුට නොමැත. ඊට හේතුව නාම යෝජනා  භාරදී අවසන් බැවින්  කිසිවෙකුට පක්ෂ මාරු කල නොහැකිවීමය. එක අතකින් සියලුම දෙනා උත්සහ ගන්නේ කෙසේ හෝ පාර්ලිමේන්තුවට යලිත් පැමිනෙන්නටය.

අනුර යාපාගේ නායකත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුණ යලි බිහිවෙයි

පසුගියදා අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ යලි බිහි කෙරුනේ  ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් හා පොහොට්ටුවෙන් කැඩී ආ පිරිස් ඉදිරි මහා මැතිවරණය තරග කරන්නටය.
මේ අතර පොහොට්ටුවෙන් රනිල් වික්‍රමසිංහ වෙත සහයට පැමිණි පිරිස් , එජාපය හා සජබයෙන් පැමිණෙන පිරිස් එක්කොට නව දේශපාලන සන්ධානයක් ජනාධිපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් බිහි කෙරෙන බවද පැවසේ.

මෛත්‍රී කොතැනට ද?

ඉදිරි ජනාධිපතිවරනයේදී  ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ ට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සහාය අවිනිශ්චිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විජයදාස රාජපක්ෂ පවසන්නේ එතුමාගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවයි. සහයෝගය නැතිවුණත් එයද බාරගන්නා බව ඔහු සඳහන් කළේය.

මෛත්‍රිපාල සිරිසේන වෙනත් අපේක්ෂකයකුට උදව් කරන බවට ආරංචි පැතිර යන බව මාධ්‍ය විමසූ අවස්ථාවේදී රාජපක්ෂ පැවසූවේ තමාටද එවැනි ආරංචියක් ලැබුණු බවයි.

ජනපතිට අමාත්‍යංශ ගොඩක්

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ.මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු ඇතිව තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධුර තමා භාරයේ තබා ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මනූෂ නානායක්කාර ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 09 වනදා තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණි.

මනූෂ නානායක්කාර  2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවී තිබේ.

2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී හරීන් ප්‍රනාන්දු  සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීම හේතුවෙන් ඔහුගේ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කිරීම ද සමගි ජන බලවේගය පක්ෂය විසින් සිදුකළ යුතු ය. කෙසේ වෙතත් සමගි ජන බලවේගය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරණය අවසන් වන තුරු ඒ සඳහා කිසිවකු පත් නොකර සිටීමටය.

ඡන්දය බෙදෙන විදිහ

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන් ලක්ෂ 171 ක් ලියාපදිංචිවී සිටින අතර මෙයින් සියයට 80 ක පමණ ප්‍රමාණයක් ප්‍රකාශ කෙරෙනු ඇතැයි බලපොරොත්තු වේ. මෙයින් සියයට විසි පහක් මුස්ලිම් හා දෙමල ඡන්ද වන අතර තවත් සියයට හතක කතෝලික ඡන්ද වේ. රට පුරා පවුල් ලක්ෂ 56 ක් වේ.

මෙවර රජයේ සේවකයන් ලක්ෂ 14 ක් පමණ සිටින අතර ඔවුන්ද තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් ජීවන වියදම හා ප්‍රවාහන වියදම් ඉහළයාම ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර තිබේ.මෙවර ඡන්ද දායකයන් අතරින් ලක්ෂ 36 කම වයස අවුරුදු 18 ත් 28 ත් අතර වෙති.මේ පිරිස අතරින් වැඩි පිරිසක් කිසිදු දේශපාලන පක්ෂයකට ගැතිකම් නොකරන අතර අවස්ථානුකූලව ඡන්දය භාවිත කරනු ඇත. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය ප්‍රතිඵල ලැබෙන තෙක් කවර පැත්තට දෝලනය වෙයි දැයි කිවනොහැකි තරමට සංකීරණතා වලින් ගහනය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan