*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

2019දී පුහු වීරත්වය සොයා ගිය රටට අද මන්දපෝෂණය උරුම වෙලා – සජිත් (VIDEO)

2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා ඇතැමුන් වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බිහි වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගැබිනි මව්වරුන්ට පෝෂණ සලාකයවත් ලබා දෙන්නට බැරි තරමට බංකොළොත් වී ඇති රටක ඇමති තනතුරු ලබා ගැනීමට හිත හදා ගත හැක්කේ කාටදැයි විපක්ෂ නායකවරයා එහිදී විමසා සිටියේය.

ගැබිණි මව්වරුන් වෙත වියළි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය. එය, කොලොන්න තුංකම තෙරුන්නාන්සේගම විහාරස්ථානයේදී ඊයේ (14) පැවැත්විණි.

සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් සහ මව්වරුන් පිරිසක් බිහි කිරීම පවා සුරක්ෂිත ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැදගත් වන බව එහිදී අවධාරණය කරනු ලැබීය.

මේ මොහොතේ කළ යුත්තේ ඇමති තනතුරු ඇතුලු තාන්න මාන්න වෙනුවට රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා අවංකව කැප වීම බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථාවාදී තනතුරු වලින් එය කළ නොහැකි බවද පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan