පාසල් ඇරඹීම වෙනුවෙන් පෞද්ගලික බස් රථවල සූදානම

Date:

අද (15) දිනයේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ අවම වශයෙන් 90% ක්වත් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“විශේෂයෙන්ම සඳුදා සිට පාසල් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා සතියේ දින පහ තුළම. අපි සඳුදා සැලසුම් කරනවා බස් රථ 100%ක්ම ධාවනය කරන්න, අඩුම වශයෙන් අපට 90%ක්වත් ධාවනය කරන්න හැකියාව තියේවි. ඒ වගේම පාසල් බස් රථත් යොදවලා තියෙනවා බස්නාහිර පළාත තුළ. අපි අනෙක් ප්‍රදේශවලත් පාසල් ආරම්භ කරන වේලාවෙදීත් අවසන් කරන වේලාවෙදීත් ඒ මාර්ගවල සාමාන්‍ය ගාස්තු යටතේ පාසල් සේවාව ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි හිතනවා සඳුදා සිට පෞද්ගලික බස් සේවාව, පොදු මගී සේවාව යථා තත්වයට පත්කරගන්න අපට හැකියාව තියෙනවා කියලා”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...