රාජපක්ෂලාගේ කුණු ලොරි බවට සජබ කිසිවකුත් පත් වන්නේ නෑ – සජිත් (VIDEO)

Date:

මේ රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රක්වාන සමගි ජනබලවේගයේ සංවිධායක බී.කේ ආරියවංශ මහතා විසින් ඊයේ (14) සංවිධානය කරනු ලැබූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

මේ බංකොලොත් වී ඇති රට තුළ දැන් සිදුවෙමින් පවතින අලුත්ම විජ්ජාව වන්නේ සර්ව සර්වපාක්ෂික ආණ්ඩු ගුණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකවරයා, රටට අවශ්‍ය වන්නේ ඇමති වරදාන පළඳවා ගනිමින් තනතුරු පිටුපස යන පිරිසක් නොවන බවත් අවධාරණය කළේය.

ඒ අනුව, දැන් වහාම සිදු කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව විමසීම බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් මෙහා විසඳුමක් නැතැයි ද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...