- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවීමට ඉඩ තිබෙන සමාජ නොසන්සුන්තා පිළිබඳව සහ එමඟින් බිහිවිය හැකි “අයිඑම්එෆ් කැරලි” (IMF riots) පිළිබඳව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන සිය දැඩි අවධානය යොමු කරයි: මෙවන් ප්‍රතිසංස්කරණ ධනවත් පුද්ගලයන්ට වඩා දුප්පත් ජනතාවට වැඩි බරක් ඇති කරන අතර, ශ්‍රී ලංකාවට ද එවන් අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවට පෙන්වා දෙයි: මීට ඉහත, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීම වෙනුවෙන් විජේවර්ධන දැඩිව පෙනී සිටියේය.
- ශ්‍රී ලාංකිකයන් මිලියන 3.9ක් මධ්‍යස්ථ මට්ටමේ (moderate) ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් (UNICEF) වාර්තාවකින් පෙන්වා දෙයි: කුටුම්භ 10,000කට අධික සංඛ්‍යාවක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී ඇති බව පෙන්වා දෙයි: දරුවන් මිලියන 2.9 කට පමණ ජීවිතාරක්ෂක පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජලය සහ සනීපාරක්ෂාව, ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා මානුෂීය ආධාර අවශ්‍ය බව සඳහන්: කුටුම්භවලින් 62% ක් ම ආහාර ලබා ගැනීම සඳහා සිය ඉතිරිකිරීම් ආපසු ගැනීම, මුදල් ණයට ගැනීම සහ ණයට ආහාර මිලදී ගැනීම වැනි ජීවනෝපාය පදනම් කරගත් ක්‍රමෝපායන් (livelihood-based coping strategies) අනුගමනය කරන බව ද සඳහන්.
- ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස සුභසාධන සීමා කොට, විශාල බදු පනවා ආනයන සීමා කිරීමේ ආර්ථික ප්‍රතිපත්ති (austerity) ක්‍රියාත්මක කිරීම යහපතකට වඩා හානියක් සිදුකළ හැකි බව විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂඥ ජුවාන් පැබ්ලෝ (Juan Pablo) පවසයි: එවැනි පියවරයන් ගත් අවස්ථාවල ඉහළ වර්ධන වේගයක්, රැකියා අවස්ථා ඉහළ යාම හෝ දරිද්‍රතාවය අඩු වීමක් සිදු වී නොමැති බවට ඉතිහාසගත සාක්ෂි පවතින බවට පෙන්වා දෙයි: ආර්ථික අර්බුදයකදී වෙනත් ක්‍රියාමාර්ග දෙස අවධානය යොමුකළ යුතු බවට පෙන්වා දෙයි.
- මෙම වසරේ ආදායම් කාර්යසාධනයෙහි (revenue performance) “සැලකිය යුතු හිඟයක්” පවතින බව භාණ්ඩාගාරය පිළිගනියි: “විවිධ හේතූන් මත” රජය තවමත් අරගල කරමින් සිටින බැවින් නැවත දැනුම් දෙන තුරු දැඩි වියදම් පාලන ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන රජයේ ආයතනවලට උපදෙස් දෙයි.
- හම්බන්තොට මහරෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරයා (anaesthetist) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම නිසා එම රෝහලේ ජීවිතාරක්ෂක සැත්කම් නවතා දමා ඇති බව වාර්තා වේ: 2023 මැයි 31 න් අවසන් වූ වර්ෂය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 ක් සහ ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් 842 ක් සංක්‍රමණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
- ඩිජිටල් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට ඉන්දියානු සමාගමක් වෙත අවසර ලැබීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි: මෙම ව්‍යාපෘතිය, මදුරාසි ආරක්ෂක මුද්‍රණ සමාගම (Madras Security Printing Company) වෙත පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අනාවරණය කරයි.
- යෝජිත ඔට්ටු සහ සූදු බදු පනත් කෙටුම්පත (Betting & Gaming Levy Bill) සහ සූදු නියාමන අධිකාරිය මඟින් ලොතරැයි, ඔට්ටු, සූදු, අශ්ව ක්‍රීඩා, ඔට්ටු ඇල්ලීමේ සාප්පු සහ කැසිනෝ නියාමනය කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: මෙම නීතිය ස්ථාපිත කිරීම හදිසියේ කළ හැක්කක් නොවන බව ද පවසයි.
- ශ්‍රී ලංකාවේ ඉල්ලුම මත නැවත ගෙවිය හැකි ණය (Call-Money) පොලී අනුපාතය සහ භාණ්ඩාගාර මුදල් දැන් තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ශුද්ධ ජාත්‍යන්තර සංචිත (Net International Reserve) ඉලක්කය මත මිස උද්ධමනය මත නොවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති: උද්ධමන දර්ශක (inflation index) සංඛ්‍යාවක් මත පදනම්ව පොලී අනුපාත අඩු කිරීමට “සංචිත එකතු කිරීමට” නැඹුරු මහ බැංකුව කටයුතු කළහොත්, විදේශ විනිමය පීඩනය ඉක්මනින් උඩුදුව ගොස් රුපියල කඩා වැටීමට ඉඩ පවතින බවට අනතුරු අඟවති.
- රජය සතු මාධ්‍ය නාලිකා විකිණීමට රජය උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි: එවැනි ‘අවිචාර’ තීරණ නොගත යුතු බව අවධාරණය කරයි.
- ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ ඇති වැලිමඩ උළුගලවත්ත කාබනික ඝණ පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීම සිදුවෙයි: දැනට ඩුබායි හි ඉදිකෙරෙමින් පවතින වගා ව්‍යාපෘතියක් සඳහා, සෑම මසකම් මෙම මධ්‍යස්ථානයෙන් සැකසූ ඝන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්: මේ අතර, මෙරට තුළ 100% කාබනික පොහොර භාවිතා කිරීමට ගත් තීරණයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
