සමනල වැවේ ජලයත් ඉවරවෙන ලකුණු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ, සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම අවම අගයකට පැමිණි අතර එමගින් පෝෂණය වන ගොවිබිම් වෙත මුදාහැරීම සඳහා සමනල වැවෙන් අතිරික්ත ජල ධාරිතාවක් මුදා හැරීම ඉකුත් 08 වනදා ආරම්භ වූ අතර , ඒ අනුව විදුලිය නිෂ්පාදනය කරමින්, දෛනිකව උපරිම ධාරිතාවයකින් උඩවලව ජලාශයට ජලය නිකුත් කළ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ අනුව අද පස්වරු 03 වන විට සමනල වැවේ සක්‍රීය ජල ධාරිතාව මිලියන ඝන මීටර් 4.89ක් දක්වා පහළ ගොස් තිබූ අතර එය ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 2.91%ක ප්‍රතිශතයක් බවත්, සමනල වැවේ ඉතිරිව ඇති ජල ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ.

මේ අනුව , සමනල වැව ජලාශයෙන් ඉදිරි විදුලි උත්පාදන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී ඔහු සඳහන් කළේ, ඉරිදා වනවිට දකුණු පළාත ජාතික විදුලි පද්ධතියට එකතු කරන්න හැකිවනු ඇති බවයි .

තවද,  පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ යමින් ඇති අතර,  ඔවුන් යටතේ පාලනය වන විශාල ජලාශ 73හි භාවිත කළ හැකි ජල ධාරිතාව 29% දක්වා පහළ බැස ඇති බවත් ,එය අක්කර අඩි 874,000 ක ප්‍රමාණයක් බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...