*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කංචනා සහ අප්සරාගෙන් පසුව වාසනා

මධ්‍යම ආසියානු තරගාවලියේදි මාල දිවයින කාන්තා කණ්ඩායම සමඟ තරග වටයක් පරාජය වීම ගැන,එවැනි ජාත්‍යන්තර තරගාවලි මාල දිවයිනට පසුපසින් සිට අවසන් කළ ඉතිහාසයන් පවා අමතක කර ශ්‍රී ලංකාවේ කාන්තා වොලිබෝල් ගැන පසුතැවුණු සහ දුක් වුණ පිරිසට සැනසුම් සුසුමක් හෙලන්නට මාර්ගයක් විවර කරමින් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම මාල දිවයිනට එරෙහිව එරට පැවති මිත්‍ර ජාත්‍යන්තර තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.


එහි ප්‍රථම තරගය වට 3-0 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම වටි 3-1 ක් ලෙස දෙවන තරගය ජය ගත්තා.එම තරගයේ දෙවන වටය ශ්‍රී ලංකාව ලකුණු 24 – 26 ක් ලෙස පරාජය වීමෙන් පසු නැගී සිට ඉතිරි වට දෙකේ දී පෙන් වූ මනරම් ක්‍රීඩා රටාව තුන්වැනි අවස්ථාවේ දී මාල දිවයින කාන්තා කණ්ඩායම හමුවන මොහොත වන විට අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.


ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම තරගය තෙවන තරගයේදී වඩාත් හොඳින් ආරක්ෂා කර ගැනීමට සමත් වූහ.එහිදී තරග වට 3-0 ක් ලෙස තරගය ජයගත්තේ ලකුණු තත්ත්වයන් 25 – 18,25 – 27 සහ 25 – 23 ක් ලෙස පවත්වා ගනිමින්ය.පළමු තරග දෙකේදී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවන් වූයේ කාංචනා පීරිස් සහ අප්සරා සෙනවිරත්නය.තෙවන තරගයේදී කණ්ඩායම් නායිකා තිළිණි වාසනා සම්මානනීය වූවාය.
ශ්‍රී ලංකා වොලිබෝල් පවතින්නේ ශ්‍රි ලංකාවේය.හොඳ රටක් නොවන්නේනම් හොඳ වොලිබෝල් පවතින්නට විදිහක් නැත.එය මුල අවුල් ගසක් හොඳ පලදාවක් නොදෙන සේ ය.මේ තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි කරවා ගැනීම සඳහා මාල දිවයින සියලු පහසුකම් සපයමින් කටයුතු කරේ ශ්‍රී ලංකා වොලිබෝල් වෙත මුදල් නැති කමින්ය.එවැනි තත්ත්වයකදීත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාල දිවයිනෙන් පැන නොයන බවට සහතිකයක් ගැනීම සඳහා පිඩාකාරී ගිවිසුම් ගණනාවකට අත්සන යොදන්න විය.රටක් හැටියට ක්‍රීඩාව පවත්වාගෙන යන්න නොහැකි මට්ටමට රට පත්ව තිබියදී තරග වටයක පරාජය යනු සමසත් ක්‍රීඩාවේම පරාජය සේ සළකා කෑ මොර දෙන කිසිවෙකුත් මාල දිවයිනට පනී යැයි සැක කරන්නට තරම් ශ්‍රී ලංකාව පිරිහී තිබීම ගැන වචනයක් පවසන්නේ නැත.


ඇත්තටම දැන් නොපැරදී සිටියාට ආසන්න දිනෙක අපේ වොලිබෝල් සංගමයටත් පහසුකම් දෙන තත්ත්වයකට ආර්ථිකය අතින් සවිමත්ව,පහසුකම් සැපයීම සඳහා අවශ්‍යය පසුබිම තිබෙන,ජාත්‍යන්තර තරග පැවත්වෙන,ජාත්‍යන්තර කණ්ඩායම් ගෙන්වා තරග කර සිය වොලිබෝල්වල තත්ත්වය තරගකාරී පසුබිමක ඉහළ නංවා ගැනීමට වෙහෙසෙන මාල දිවයින දැනටමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා,පුහුණුකරුවන්ගේ හැකියාව හැරෙන විට අන් අංශවලින් අප පසුකර ගොස් අවසන්ය.පුහුණුකරුවන් ද ඔවුන්ට මිලට ගත හැකිය.ලෝකයේ දක්ෂයාට මිලක් ඇත.එමෙන්ම ඉඩක් ඇත.පුහුණුකරුවන් පුහුණු කරව්නට ද ජාත්‍යන්තර දැණුම සොයා ගැනීමේ දී ද ඒ සාධකම බලපාන්නේය.ඒ නිසා අපේ එකෙක් උඩට නැඟුණ විට පහළින් සිය ගණනක් එය වළක්වන්නට කකුලේ එල්ලෙන ගතියක් නැති මාල දිවයිනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දිනෙක ඉහළට නැඟෙන එකා සියලුම එක්ව තල්ලු කර ඉහළින් තබන්නට දරන වෙර වීරිය මත අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉක්මවා යනු ඇත.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ද මේ තරගාවලියේ මේ දක්වා තරග දෙකම පහසුවෙන් ජයගෙන අවසන්ය.තෙවන තරගයේ තොරතුරු ද සමග එහි සංශික්පතය අපි ඉදිරියේදී සටහන් කර තබන්නෙමු.ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ තිළිණි වාසනාය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan