කාන්තා-පා පන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ එංගලන්තය!

Date:

පා පන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ගෝල 3-1ක් ලෙස පරාජයට පත්කළ එංගලන්ත සිංහ ධේනුවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි සෝල්ඩ් අවුට් ක්‍රීඩාංගනයේදී යුරෝපීය ශූරයන් මැටිල්ඩාස් සමඟ තරඟ කළ අතර, පැමිණ සිටි 75,000 න් බහුතරයක් තරඟාවලියේ සම-සත්කාරකයින්ට සහාය දුන්හ.

උරින් උර ගැටුණු තරගය තුළ එංගලන්තය නියෝජනය කරමින් පළමු පහර එල්ල කළ Ella Toone ගේ විශිෂ්ට පහරක් සමඟින් ප්‍රේක්ෂකයින් උන්මාද කරමින් අර්ධ වේලාවේදී එංගලන්ත කණ්ඩායම ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය.
Toone ගේ පහර දැල පිටුපසට වැදීමත් සමඟ ලන්ඩනය පුරා රසික පිරිස ප්‍රීති ඝෝෂා කළහ.

එංගලන්ත පිරිමි-පා පන්දු නායක හැරී කේන් ස්කයි ස්පෝර්ට්ස් ප්‍රවෘත්ති වෙත පැවසුවේ “සිංහ ධේනුවන්ට සුබ පැතුම්! ඔවුන් එය ලැබීමට සුදුසුයි. අපි සියලු දෙනාම ඔවුන් පිටුපසින් සිටින අතර අවසන් තරගයේදී ඔවුන්ට එය කළ හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ඉරිදා (20) සිඩ්නි හිදී පෙරවරු 11ට ආරම්භ වන අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම ස්පාඤ්ඤයට එරෙහිව තරග වදිනු ඇත.

බ්‍රිස්බේන් හිදී සෙනසුරාදා(19) පෙරවරු 9 ට ස්වීඩනය සහ ඔස්ට්‍රේලියාව අතර තෙවැනි ස්ථානය සඳහා වන තරගයට මුහුණ දීමට ද ඔවුන් නියමිතය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...