ගාසා හි පළමු පෝලියෝ රෝගියා වාර්තා වේ; දරුවන්ට එන්නත් ලබා දීමට සටන් විරාමයක් අවශ්‍යයි – UN

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගාසා තිරයේ පලමු පෝලියෝ වාර්තා කිරීමත් සමඟ වෛරසයට එරෙහිව ළමුන් සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් සක්‍රීය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මානුෂිය සටන් විරාමයක් ඉල්ලා තිබේ.

ගාසා තීරයේ ඩීර් එල්-බාලා සහ ඛාන් යුනිස් ප්‍රදේශවල අපජලය තුළ පෝලියෝ වෛරසය හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පෝලියෝ විශේෂඥ වෛද්‍ය හමීඩ් ජෆාරි තහවුරු කර ඇති අතර මෙම වෛරසය පැතිරීම ගාසා තීරයේ දේශසීමාවෙන් නතර නොවන බවත්, ගාසා තීරය තුළ සහ ඉන් පිටත පැතිරීම නැවැත්වීමට ජාත්‍යන්තර ආයතන සහ අදාළ පාර්ශ්ව අවශ්‍ය පියවර ගත යුතු බවත් අවධාරණය කර තිබේ.

මාස 10 ක ගැටුම් හේතුවෙන් සාමාන්‍ය එන්නත් ව්‍යාපාර කඩාකප්පල් වී ඇති බැවින් වයස අවුරුදු පහට අඩු ළමයින් වෛරස් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට මාධ්‍ය වාර්තාකරුවන් අමතමින් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, නිසි සෞඛ්‍ය සේවාවන් නොමැතිව, ගාසා තීරයේ ජනගහනය විශේෂයෙන් රෝග පැතිරීමට ගොදුරු වන බවත්, ගාසා හි වයස අවුරුදු 10 ට අඩු ළමුන් සඳහා පෝලියෝ එන්නත් ව්‍යාපාරයක් දියත් කිරීමට සංවිධානය සූදානම් නමුත්, සෑම තැනකම යුද්ධයක් ඇවිලෙමින් පවතින හෙයින් පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වීම කළ නොහැකිව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...