ඇමරිකාවේ ආහාර මිල ඉහල යාමට ෆෙඩරල් තහනමක් ඇතුළුව හැරිස්ගේ නව ආර්ථික සැළසුම් එළිදකියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩිමොක්‍රටික්ස් ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ඊයේ(16)දිනයේදී උතුරු කැරොලිනා හි පැවති රැස්වීමකදී සිය ආර්ථික සැළසුම් රැසක් එළිදක්වා තිබිණි.

ඒ අනුව, මෙහිදී බයිඩන්ගේ පරිපාලනය තුළ ඇමරිකාවේ ආහාර මිල ගණන් 20%කින් ඉහල ගොස් ඇති අතර තමා බලයට පත්වූ විට පාරිභෝගිකයින් අසාධාරණ ලෙස සූරාකෑමින් ලාභ උත්පාදනය කරන ආයතන සඳහා ෆෙඩරල් තහනමක් පනවන බවත්, ජිවන වියදම් අඩු කරන බවත් ඇය ප්‍රකාශ කර තිබිණි.

මිට අමතරව හැරිස්ගේ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ, හැරිස් ළදරුවන් සිටින පවුල් සඳහා ඩොලර් 6,000 ක් වැනි නව ළමා බදු ණයක් හඳුන්වා දීමටත්, දරුවන් සිටින පවුල් සඳහා බදු කපා හැරීමටත්, සෞඛ්‍ය සේවා පිරිවැය අඩු කිරීම, වෛද්‍ය ණය අවලංගු කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ වල මිල අඩු කිරීම, වසරකට ඩොලර් 400,000ක් හෝ ඊට අඩු ආදායමක් උපයන පුද්ගලයන් මත බදු වැඩි නොකරන බවට බිඩෙන්ගේ පොරොන්දුව හැරිස් විසින් පවත්වාගෙන යන අතර, ඇයගේ ව්‍යාපාරයේ අරමුණ වන්නේ ආයතනික බදු අනුපාතය 35% සිට 21% දක්වා අඩු කිරීම අපේක්ෂා කෙරේ,

තවද වසර හතරක් තුළ නව නිවාස ඒකක මිලියන 3ක් ඉදිකිරීම ය අපේක්ෂා කරන බවත්, මධ්‍යම පාන්තිකයන්ගේ දියුණුව හරහා ඇය එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බවත් මෙහිදී සඳහන් කර තිබේ.

කෙසේ නමුත්, ඉදිරියේදී හැරිස්ගේ ආර්ථික සැළසුම් තවදුරටත් එකිදකිනු ඇතැයි අපේක්ෂා කරන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකයින් වන කෙවින් හැසෙට් සහ ස්ටීවන් මුවර් තර්ක කළේ හැරිස්ගේ යෝජනා උද්ධමනය ඉහළ නංවන අතර ආර්ථිකයට හානි කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...