රෂිකා හෙන්නායක
හබරකඩ ප්‍රදේශයේ අතුරුගිරිය පොලිස් වසමේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හෝටල් හිමිකරුවෙක් බව පැවසේ.
ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි කසුන් නැමැත්තාගේ ඥාතියෙකු බවට තොරතුරු වාර්තා වේ .
තුවාලකරු මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරනු ඇති.


