ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා වෙත යවා ඇත.
පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් මෙසේ ඉල්ලා අස්වන බවයි ඔහු එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ.
වත්මන් රජය යටතේ විවිධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වශයෙන් පත්වූ පුද්ගලයින් රැසක් පසුගිය සමය තුළ විවිධ අවස්ථාවලදී ඉල්ලා අස්වනු දක්නට ලැබිණි.



