කොළඹ (LNW) : ඊයේ(16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් දක්නට ලැබී තිබේ.
ඒ අනුව, දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් ඇත.
එමෙන්ම, දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය ද 13.94% සිට 13.19% ක් දක්වා පදනම් අංක 75කින් අඩු වී තිබේ.
මිට අදාළව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
සශිකලා මධුෂාණි