විරේන් අවසන් 16 අතරට

ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩකයින් අතරින් මේ වන විට ජාත්‍යන්තර මට්ටමෙන් 97 වන ස්ථානයේ සිටින විරේන් නෙත්තසිංහ මාල දිවයිනේ පැවත්වෙන මාල දිවයින් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ

අවසන් 16 දෙනා අතරට පිවිසෙන්නට සමත්ව සිටියි.ඔහු තරගාවලියට ඉදිිපත් වී සිටින ක්‍රීඩකයින් හා සළකද්දී දෙවන තැනට ශ්‍රේණිගතව සිටින අතර ඔහු පළමු වටයේ දී ඉනිදියාවේ විශාල් වාසුදේවන් ලකුණු 21 – 19 සහ 21 – 14 ක් ලෙස පරාජයට පත් කරන්නට සමත් විය.


ඒ ආකාරයට අවසාන 32 දෙනා අතරට පිවිසි විරේන් එම වටයේදී මැලේසියාවේ නාච්කරොන් පුස්රි පරාජයට පත් කළේ ලකුණු 21 – 14 සහ 21 -7 ක් ලෙසය.අද (17) වන දා මාල දිවයින වේලාවෙන් පස්වරු 4.20 ට විරේන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසීම සඳහා වන තරගයේදී විරේන් හමුවීමට නියමිත චියා ජෙන්ග් හොන්ග් ය.ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 241 වන ස්ථානයේ සිටියද දැඩි තරගකාරී මට්ටමකින් ජාත්‍යන්තරයේ ඉදිරියෙන්ම තිබෙන බැඩිමින්ටන් සංස්කෘතියක් වන මැලේසියානු බැඩ්මින්ටන් සංස්කෘතියට අයත් ක්‍රීඩකයෙක් වන බැවින් විරේන්ට හොඳ තරගයක් අපේක්ෂා කළ හැකිය.
ශ්‍රී ලංකා ක්‍රිඩකයින් සහ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මෙම තරගාවලිය නියෝජනය කළ ද මේ වන විට වැඩි දුරක් ඉදිරියට පැමිණීමේ හැකියාව ලැබී ඇත්තේ විරේන් නෙත්තසිංහ ට ය.ඊට අමතරව බුවනෙක ගුණතිලක ද අවසන් 32 වටයට පිවිසුන ද,ඔහු එහිදී තායිලන්තයේ පනිච්චාපොන් ටීරාරට්සකුයි හමුවේ ලකුණු 22 – 20,14 – 21 සහ 17 -21 ලෙස පරාජයට පත් විය.


19 හැවිරිදි විරේන් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.ඡායාරූපයේ දැක්වෙන්නේ විරේන් වසරේ හොඳම බැඩිමින්ටන් ක්‍රීඩකයා හැටියට සම්මානනීය වූ අවස්ථාවකි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...