*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රනිල් වික්‍රමසිංහගේ නිසි අවබෝධය නිසා තමයි රට හරි පාරේ යන්නේ – වජිර

කොළඹ LNW:රට වැටුන වෙලාවෙදි නිශ්චිත ආර් ථික සහ සාමාජීය මොඩලයක්, ප්‍රතිපත්තියක් මේ රටට නිවැරදි වන ඉදිරිපත්, කරමින් මේ රට ගලවා ගැනීමට ඉදිරිපත් වූ නායකයා රනිල් වික්‍රමසිංහ බව සියලු දෙනා මතක තබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර් ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

වික්‍රමසිංහ මහතාට පවතින ආර් ථික අවබෝධය නිසා රට නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.

බලය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ තම ජනතාවට බොරු කියා තිබෙන අතර එහි ප්‍රතිඵලය වන්නේ රට බංකොලොත් භාවයට පත්වීම බවද ඔහු කියාසිටියි.

”රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මේ රට වැටුන වෙලාවෙදි නිශ්චිත ආර් ථික සහ සාමාජීය මොඩලයක්, ප්‍රතිපත්තියක් මේ රටට නිවැරදි වන ඉදිරිපත්, කරමින් මේ රට ගලවා ගැනීමට ඉදිරිපත් වූ නායකයා බව අප මතක තබා ගත යුතුයි. මේ රටේ නිදහසින් පසුව සිදුවන ආර් ථික, ක්‍රියාවලිය පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කිරීම නිසා, ඔහුට පැවැති ආර් ථික අභියෝගයෙන් පසුව රට නිවැරදි දිශානතියට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නිදහස ලැබුණ වෙලාවේදී සියලු දෙනා එකමුතුව ක්‍රියා කළ නිසා රට හොඳ අතට ගිය නමුත් නැවත මේ රටේ දේශපාලකයන් බෙදුණට පස්සේ මේ රට නැවතත් අරාජිකත්වයට පත්වුණා. ඒ නිසා දැන් ආර් ථික නිදහස දිනා ගැනීම සඳහාද එකමුතුකම වැදගත් සාධකයක් බවට පත්වෙලා තිබෙනවා. බලය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ තම ජනතාවට බොරු කියලා තියෙනවා. ප්‍රතිඵලය වන්නේ රට බංකොලොත් භාවයට පත්වීමයි. එක පැත්තකින් හාල් සේරුවක් දෙන්නම් කියපුවාම,හාල් සේරු දෙකක් දෙන්නම් කියලා අනිත් පැත්තෙන් කියනවා. ඊට පස්සේ හාල් සේරු භාගයක් කපල කියනව ,නැවත ධාන්‍ය රාත්තල් අටක්ම දෙන්නම් කියලා. ආපහු හාල් පොත මුද්‍රණය කරලා ව්‍යාජ විදිහට බෙදා හරිනවා. සුප්‍රීම් උසාවියේ නඩුවක් ගොණු වෙනවා හාල්පොත සම්බන්ධයෙන්. හොර හාල් පොත නිසා අතුරු මැතිවරණවල සමහර ආසන දිනනවා. සමහර ආසන පරාජයට පත්වනවා. ඊට පස්සේ සමාජය යන්නේ ආහාර මුද්දරය ගාවටයි. හැම කෙනාටම ආහාර මුද්දරය ලබා දෙන්නට පොරොන්දු වෙනවා.

ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අමාරු ලක්ෂණය සියලු දෙනා කියන ඒවට ඇහුම්කන් දීමයි. එක් එක්කෙනාට හිතෙන සහ තේරෙන පරිදි තමයි ප්‍රශ්න වලට ක්‍රියාත්මක වෙන්නේ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව නීතියක් ඒක සම්මත වෙලා තිබෙනවා. දැනට ඒ වගේ රාජ්‍ය නිලධාරීන්, ආණ්ඩුකාරවරයා ඇතුළු අය භුක්තිවිදින පහසුකම් සහ වරප්‍රසාද ජනතාවට ලබා දිය යුතුයි. ඒ නිසා මහජනයාට එයින් ලැබෙන වරප්‍රසාදය ලබා දීම සඳහා එය පහළට ගමන් කළ යුතුව තිබෙනවා. මුළු රටටම නොබෙදු සමාජයක් ඇති කිරීම උදෙසා තමයි සමස්ත රටටම පළාත් සභා වස්ථාපිත කිරීම සහ අදාළ කාරණා සංශෝධනය කිරීම සිදුවිය යුතු වන්නේ. 13 අවශ්‍ය වන්නේ අපේ රටේ පිරිසක් අපි ගැන සැක ඇති කර ගෙන වෙනත් රටවල හිටගෙන කතා කරනවා. අපේ රටේ ප්‍රශ්නය අපේ රට තුළ කතා කර ගත යුතුව තිබෙනවා. එදා හිටපු පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම් එකට හිටියා. අද ඉන්න පොන්නම්බලම් අරුණාචලම් සිංහල නායකයෝ ගැන සැකයෙන් ඉන්නවා. ඒ නිසා අපි හැම දෙනාම එකට ඉඳගෙන ඒ පිළිබඳ තීරණ ගත යුතුව තිබෙනවා.” යනුවෙන් හෙතෙම් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan