නව සත්ත්ව හා ජල සම්පාදන සංශෝධිත පනත් සඳහා කථානායකවරයාගේ සහතිකය..

රෂිකා හෙන්නායක අගෝස්තු 18 , කොළඹ LNW :

පාර්ලිමේන්තුව මෑතකදී සම්මත කළ සත්ත්ව (සංශෝධන) පනත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත යන ප්‍රධාන නීතිමය ලියකියවිලි දෙක සඳහා කථානායකවරයා විසින් අත්සන් තබා සහතික කිරීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත් දෙක නිල වශයෙන් බලාත්මක වී ඇති බව සඳහන් වේ.

සත්ත්ව පනතේ සංශෝධනය මඟින් පශු සම්පත්වලට අදාළ නීතිමය අර්ථ දැක්වීම් පුළුල් කර ඇති අතර, ජල සම්පාදන පනත මඟින් මණ්ඩලයේ සේවා සහ කළමනාකරණ බලතල ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම කාර්මික කලාප සඳහා ජල පහසුකම් සැපයීම සහ උපදේශන සේවා පුළුල් කිරීම වැනි නව ප්‍රතිපාදන රැසක් මීට ඇතුළත් කර ඇත.

එම සංශෝධනය මඟින් “සත්ත්ව” සහ “සතකු” යන යෙදුම්වල නීතිමය අර්ථ දැක්වීම් පුළුල් කරමින් එළුවන්, ඌරන්, බැටළුවන් සහ කුකුළන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් පනතේ විධිවිධාන වඩාත් පැහැදිලි කර තිබේ.මේ අතර, 1974 අංක 24 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත සංශෝධනය කරමින් ජල සම්පාදන හා අපජල කළමනාකරණ සේවා සම්බන්ධයෙන් මණ්ඩලයේ බලතල හා කාර්යයන් ශක්තිමත් කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණකි.

කාර්මික වතු, කාර්මික උද්‍යාන සහ ප්‍රජා මූලික සංවිධාන සඳහා ජල හා අපජල කළමනාකරණ සේවා සැපයීම මෙන්ම තාක්ෂණික, පුහුණු, රසායනාගාර සහ උපදේශන සේවා පුළුල් කිරීමටද මෙම සංශෝධනයෙන් ප්‍රතිපාදන සලසා ඇත. සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 19  දරන සත්ත්ව (සංශෝධන) පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...