ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමරිකානු දත්ත කට්ටල 400කට ආසන්න ප්‍රමාණයක් මකා දමා හෝ වෙනස් කර ඇති බව වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ දත්ත කට්ටල විශාල ප්‍රමාණයක් මකා දමා හෝ වෙනස් කර ඇති බව නව වාර්තාවක් පෙන්වා දී තිබේ.

DataIndex.us නම් ස්වාධීන දත්ත නිරීක්ෂණ ව්‍යාපෘතියකට අනුව, දත්ත කට්ටල 28ක් පමණ මකා දමා ඇති අතර තවත් 338ක් වෙනස් කර ඇති බ්ව අනාවරණය වී තිබේ.

මෙම වෙනස්කම්වල බලපෑම සෞඛ්‍ය, අධ්‍යාපනය, කම්කරු කටයුතු, කෘෂිකර්මාන්තය, පරිසරය සහ නීතිය ක්‍රියාත්මක කිරීම වැනි වැදගත් ක්ෂේත්‍රවලට පැතිරී ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දත්ත විශේෂයෙන් සැලකිල්ලට ලක්වී තිබේ. රෝග, මත්ද්‍රව්‍ය භාවිතය සහ මහජන සෞඛ්‍ය ප්‍රවණතා නිරීක්ෂණය කිරීමට භාවිත කළ දත්තවල ඇතැම් කොටස් තවදුරටත් යාවත්කාලීන නොවන බව වාර්තා වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් පිළිබඳ තොරතුරු එකතු කරන සමීක්ෂණද බලපෑමට ලක්ව ඇත.

පර්යේෂකයන් පවසන්නේ මෙවැනි දත්ත අහිමි වීමෙන් රජයේ ප්‍රතිපත්ති සකස් කිරීම, මහජන සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සහ දිගුකාලීන ප්‍රවණතා අධ්‍යයනය කිරීම අපහසු විය හැකි බවයි.

කෙසේ වෙතත්, 400කට ආසන්න සංඛ්‍යාව සම්පූර්ණ ගණනක් නොවිය හැකි බව DataIndex.us පෙන්වා දෙන අතර ඇතැම් දත්ත කට්ටලවල වෙනස්කම් නිල වශයෙන් ප්‍රකාශ නොකිරීම නිසා සැබෑ බලපෑම මීට වඩා විශාල විය හැකි බවටද අදහස් පළ වී තිබේ.

රජයේ දත්ත මහජනතාවට විවෘතව හා නිවැරදිව පවත්වාගෙන යාම, පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා වැදගත් මෙවලමක් වන බැවින්, මෙම වෙනස්කම් පිළිබඳව ඉදිරියේදීත් දැඩි අවධානයක් යොමු වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...