රෂිකා හෙන්නායක අගෝස්තු 18 , කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය උදෙසා ආසියානු සංවර්ධන බැංකුව සහ රජය අතර ඇමරිකානු ඩොලර් මිලියන 200ක වටිනාකමකින් යුත් ණය ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම මූල්‍ය පහසුකම මගින් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සහ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව තිරසාර සංවර්ධනයක් ඇති කිරීම අපේක්ෂා කෙරේ.
අද (18) දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියනු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය අතර මෙම ණය ගිවිසුම මහා භාණ්ඩාගාරයේදී පැවැති මෙම අත්සන් තැබීමේ උත්සවය හරහා 2026-2028 කාලසීමාව සඳහා වූ රජයේ ආයෝජන ප්‍රමුඛතාවන් තහවුරු කර ඇත.
විශේෂයෙන්ම, උප වැඩසටහන් දෙකකින් සමන්විත මෙම ව්‍යාපෘතිය මගින් දේශීය කර්මාන්ත පද්ධතියේ පවතින සංවර්ධන අභියෝග ජය ගැනීමට අවශ්‍ය මූලික පදනම සපයයි.

මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සහ නව ආයෝජන අවස්ථා උදා කර ගැනීම රජයේ මූලික අරමුණ වී තිබේ.


