බැසිල්ගේ ඇප මුදල් රාජසන්තක කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මාතර, එළියකන්ද, බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව සඳහා දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (18) නියෝග කළේය.

එසේම බැසිල් රාජපක්ෂගේ ඇපකරුවන්ගෙන් ද ඇප මුදල් අයකරගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා අදාළ ඇපකරුවන් තිදෙනා අප මුදල් නොගෙවන්නේ නම් එම ඇප මුදල ඔවුන්ට දඩයක් ලෙස සලකා නියම කරන ලෙසත් එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06 බැගින් සිරදඬුවම් නියම කරන ලෙසත් සඳහන් කළේය.

එමෙන්ම මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති විවෘත වරෙන්තුව ලබන ඔක්තෝබර් 27 වනදා දක්වා දීර්ඝ කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප අත්සන් කර තිබුණු ඇපකරුවන් තිදෙනා අදාළ රුපියල් ලක්ෂ 30ක මුදල ඊයේ දිනයේදීම අධිකරණයට ගෙවා අවසන් කළ බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...