රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අලුත් ගීතයක් එළිදකී (VIDEO)

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් අලුත් ගීතයක් එළිදක්වා තිබේ.

මෙම ගීතය එළිදක්වනු ලැබුවේ පෙරේදා (17) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති මංගල ජන රැලියේදී ය.

මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සේවය තවදුරටත් රටට ලබාගැනීම මේ මොහොතේ පුරවැසියෙන්ගේ වගකීම බව ප්‍රකාශ කරන “ෆෝකස් ගෲප්” සංවිධානය විසිනි. එය ගායනා කරන්නේ යොවුන් පරපුරේ ගායිකාවක වන එරන්දි මදූෂිකා විසිනි.

ක අරමුණක් හඹා
අපි යමු පෙර මගක් අඹා
වැටි වැටි නැගී පසුනොබා
යමු යමු වී නොපමා හිසේ තබා

හිස්වල හිත්වල අරගලයේ
අත්වල කරගැට මිස නැත ලේ
ඇස්වල දැල්වෙන ගිනි සිළුවෙන්
අඳුරට සාප නොකර දිලිසෙන්

මා හැදු වැඩු මව්බිම දිනනවා
ඒ දාට මා ලොවම දිනනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

වස් සිතුවැල් සිත් විස කෙරු ඒ
දොස් මැසිවිලි කවදද දිනුවේ
නොපෙනෙන බලවේගෙකින් දිනූ ජාතින් නැත
ඇත යෙහෙන් තැනූ

මේ දැයට මගේ ණය ගෙවෙනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

මා හැදුවැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...