ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

“ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීම ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී ඊයේ (18) ආරම්භ කෙරිණි.

ඒ අනුව දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට දැන් අවස්ථාව හිමිව තිබේ.

ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට සැපයී‍ම සහ මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක්, අදියර වශයෙන් අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය, ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

මේ පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පළ කළ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...