තමන්ගේම ආයතන දෙකකට එරෙහිව ඇමති කංචනගෙන් CIDයට පැමිණිල්ලක්

තමන් යටතේම පවතින ආයතන දෙකකට එරෙහිව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි තමන් පැමිණිලි කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය, ටෙන්ඩර් පටිපාටිය, නිසි පරිදි ඉන්ධන ඇනවුම් නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදය, බෙදාහැරීමේ ගැටලු සහ ගෙවීම් ප්‍රමාද වීම් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් එල්ල කර ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අමාත්‍යවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...