හෝමුස් සමුද්‍ර සන්ධියේ බලය වෙනස් වෙයි: ඇමරිකාව ඉදිරියට, ඉරානයේ පාලනය දුර්වල වෙයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන යුද්ධයේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති ලෝකයේ වඩාත්ම වැදගත් බලශක්ති ප්‍රවාහන මාර්ගයක්වන හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් තත්ත්වය ඇමරිකාවට වාසිදායක ලෙස වෙනස් වෙමින් පවතින බව නව නාවික ගමනාගමන දත්ත පෙන්වා දෙයි.

ඇමරිකානු නාවික හමුදාව සමුද්‍ර සන්ධියේ මුර සංචාර සිදුකරමින් සිටින අතර, ඉරානය මීට පෙර දැරූ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන Kpler ආයතනයේ දත්ත අනුව පෙනී යයි.

විශේෂයෙන්ම පසුගිය සති දෙක තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නැව්වලින් 80%කට වැඩි ප්‍රමාණයක් ඕමාන මාර්ගය භාවිත කර ඇති බව Kpler ආයටතනයේ දත්ත සඳහන් කරන අතර එය එක්සත් ජාතීන්ගේ අනුමැතිය සහිත නාවික මාර්ගයක් වේ.

ඉරානය සමුද්‍ර සන්ධිය තම පාලනය යටතේ පවතින බව ප්‍රකාශ කර ඇති අතර, ඉරාන බලධාරීන්ගේ නියෝග නොතකා ඕමාන වෙරළ ආසන්න මාර්ගය ඔස්සේ ගමන් කළ නැව් කිහිපයකට ප්‍රහාර එල්ල වී තිබේ. එහෙත් ඇමරිකානු නාවික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය හේතුවෙන් නැව් විශාල ප්‍රමාණයක් එම මාර්ගය තෝරාගැනීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරානය තවමත් නැව් ගමනාගමනයට බිය සහ අවදානමක් ඇති කිරීම මගින් සැලකිය යුතු බලපෑමක් පවත්වාගෙන යන බවයි. ඒ අනුව, හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය පිළිබඳ ඇමරිකාව සහ ඉරානය අතර බල අරගලය තවදුරටත් ඉරාන යුද්ධයේ ප්‍රධානතම ගැටලුවක් ලෙස පවතින අතර, එහි ප්‍රතිඵලය ලෝක තෙල් සැපයුමට සහ ඉන්ධන මිලටද සෘජුව බලපෑ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...