නීතිවිරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමයට මුදල් ගනුදෙනු කරන පුද්ගලයකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (18) සවස වේල්ලවීදිය පොලිස් වසමේ වැටලීමක් සිදුකර තිබේ.
එහිදී රුපියල් 10,467,000ක මුදලක් උපයාගැනීම සම්බන්ධව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.


