රෂිකා හෙන්නායක අගෝස්තු 19 , කොළඹ LNW :
හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ වාර්තා වේ.
තණමල්විල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඇය එහි දෙවන මහලෙන් ඇද වැටී මෙම අනතුර සිදුව ඇත.
බරපතල තුවාල ලැබූ ඇය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව මෙහි වැඩිදුරටත් සඳහන් වේ.
මියයන විට පනස් පස්වන වියේ පසුවූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මේ වන විට නිවස වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කර ඇත.


