නව බලශක්ති ව්‍යාපෘති 7ක ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීමට උපදෙස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (18) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ,  2027-2030 කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1020ක් එක් කිරීමේ හැකියාව පවතින නව ව්‍යාපෘති 7ක ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී තවදුරටත් සාකච්ඡාවට ලක්ව ඇත්තේ , අනනතිව්, නයනතිව් සහ ඩෙල්ෆ් දූපත්වල පවුල් 3010ක් වෙනුවෙන් වන විදුලිබල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ විදුලිබල උත්පාදන වැඩපිළිවෙළ, මෙගාවොට් දෙකක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කරන පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙක, ඉන්දියානු ආධාර මත ක්‍රියාත්මක ආගමික සිද්ධස්ථාන සදහා වන සූර්ය පැනල ව්‍යාපෘතිය, මෙගාවොට් 100ක සියඹලාණ්ඩුව පුනර්ජනනීය විදුලිබල උත්පාදනය ව්‍යාපෘතිය, පුනරීන් සහ මන්නාරම ප්‍රදේශවල පුනර්ජනනීය ව්‍යාපෘති සහ මෙගාවොට් 130ක සාම්පූර් පුනර්ජනනීය ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල කාලරාමුව පිළිබඳවයි.

එමෙන්ම අදාළ සියලු ව්‍යාපෘතිවල ප්‍රගතිය සතිපතා නිරීක්ෂණය කර කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් එම සාකච්ඡාවේදී ලබාදී ඇති අතර තවද,  හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය විභවයන් හදුනාගෙන ඒ සදහා වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියට උපදෙස් ලබාදීම ද එහිදී සිදු කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...