නව බලශක්ති ව්‍යාපෘති 7ක ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීමට උපදෙස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (18) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ,  2027-2030 කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1020ක් එක් කිරීමේ හැකියාව පවතින නව ව්‍යාපෘති 7ක ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී තවදුරටත් සාකච්ඡාවට ලක්ව ඇත්තේ , අනනතිව්, නයනතිව් සහ ඩෙල්ෆ් දූපත්වල පවුල් 3010ක් වෙනුවෙන් වන විදුලිබල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ විදුලිබල උත්පාදන වැඩපිළිවෙළ, මෙගාවොට් දෙකක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කරන පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙක, ඉන්දියානු ආධාර මත ක්‍රියාත්මක ආගමික සිද්ධස්ථාන සදහා වන සූර්ය පැනල ව්‍යාපෘතිය, මෙගාවොට් 100ක සියඹලාණ්ඩුව පුනර්ජනනීය විදුලිබල උත්පාදනය ව්‍යාපෘතිය, පුනරීන් සහ මන්නාරම ප්‍රදේශවල පුනර්ජනනීය ව්‍යාපෘති සහ මෙගාවොට් 130ක සාම්පූර් පුනර්ජනනීය ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල කාලරාමුව පිළිබඳවයි.

එමෙන්ම අදාළ සියලු ව්‍යාපෘතිවල ප්‍රගතිය සතිපතා නිරීක්ෂණය කර කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් එම සාකච්ඡාවේදී ලබාදී ඇති අතර තවද,  හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය විභවයන් හදුනාගෙන ඒ සදහා වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියට උපදෙස් ලබාදීම ද එහිදී සිදු කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...