ප්‍රවේසම් වන්න … මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අන්තරායකර විය හැකියි …!

Date:

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තුල නිවැරැදි ප්‍රතිඵලයක් ලබාගත හැක්කේ රටේ ආර්ථික ස්ථායීතාවය හා සමාජ දේහය නිරෝගී තත්වයක පවතින මොහොතක පමණි ..

යම් රටක ආර්ථිකය අස්ථායීව පවතින මොහොතක හෝ පැවති ආසන්න මොහොතක පවත්වනු ලබන මැතිවරණයකදී මිනිසුන් ඡන්දය භාවිතා කරන්නේ ආවේගශීලීව ලෙස හා නිරවුල් චෛතසිකයකින් නොවන බැවින් ඕනෑම මළ ඉලව්වක් විය හැකිය…

මෙයට හොඳම උදාහරණය ජර්මනියේ එදා ඇතිව තිබූ ආර්ථික කඩා වැටීම හමුවේ පැවති මැතිවරණයකදී ජනතාව හිට්ලර්ගේ ජාතික සමාජවාදී පක්ෂය බලයට ගෙන ඒමයි..

හිට්ලර්ගේ ජයග්‍රහණය ජනතාව දුටුවේ ජර්මනියේ නව පුනරුදය ලෙසය.. නමුත් නොබෝ දිනකින්ම පුනරුදයේ තරම ඇස් ඉදිරියේම බලාගැනීමට ජනතාවට හැකි විය..

මහා සමාජයෙන් පිටමං කෙරුනු, සමාජ වෛරයෙන් පෙළෙන ලුම්පන් සමාජය ප්‍රතිශතාත්මකව අර්බුද කාලවලදී ඉහළ යාමත් ඔවුන්ගේ මතවාද වසංගතයක් සේ පැතිරී යාමත් නිසා එහි ප්‍රතිබිම්බය පාර්ලිමේන්තුව තුළ ඇතිවීම මෙහි සොබාවයයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරිස් විලාසිතා සතියේ සොඳුරු දසුන්…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රිස් විලාසිතා...

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...