බස් රථයකට නැග රඟපාන්න ගිය ඇමති බන්දුලට ජනතාවගෙන් දැඩි විරෝධයක් ! (VIDEO)

0
834

බස් ගාස්තු සඳහා කාඩ්පතකින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ඊයේ (19) ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ, මාකුඹුර සිට ගාල්ල බලා ධාවනය වන සුඛෝපභෝගී බස් රථයකදී ය.

අමාත්‍යවරයා පැමිණ උත්සවාකාරයෙන් බස් රථයට ගොඩවන අවස්ථාව වනතෙක් බස් රථයේ අසුන්ගෙන සිට මගීන් පිරිසක් එයින් බැස්සවීමට නිලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මගීන් විරෝධය පළ කළ අතර නිලධාරීන් සහ අමාත්‍යවරයා ඔවුන්ගේ විරෝධයට පිළිතුරු දීමට ගිය අවස්ථාවේදී මගීන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වනු දක්නට ලැබිණි.

RN