69 ලක්ෂයේ ජනවරම තවමත් රාජපක්ෂවරුන්ට තියෙනවා – සනත් නිශාන්ත

Date:

හැටනව ලක්ෂයක ජනවරම තවමත් ඇත්තේ රාජපක්ෂවරුන්ට බවත් ඉදිරි ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිකමක් ගන්නවාද ? මොකද තත්වෙ ?

“මේක ඉතින් අපි හදපු අපේ ආණ්ඩුවනෙ. ඇමතිකමක් දුන්නොත් ගන්නවා”

“ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේදී විවිධ පක්ෂ එකතු කරගන්න අවස්ථාවේදී අපිට අවස්ථාවක් බරපතළ විදියට අපි ඉල්ලන්නෙ නැහැ. එන කණ්ඩායමට අමාත්‍ය ධුර දීලා, වගකීම් පවරලා මේ වැඩේ කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ අයට දීලා ඉතුරු වෙද්දී අපට දෙන්න පුළුවන් නම් දුන්නාට කමක් නෑ. එහෙම නැතුව හිටියත් කිසිම විශේෂ ගැටලුවක් නැහැ”

ප්‍රශ්නය – රාජපක්ෂවරුන්ට නම් ලොකු විරෝධතාවයක් තියෙනවා හැබැයි ජනතාවගෙන් ?

“රාජපක්ෂලා කවුරුත් නැහැනෙ දැන් ?”

ප්‍රශ්නය – අලුත් ආණ්ඩුව ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවට නාමල් රාජපක්ෂ එහෙම ගිහින් තිබ්බා. මොකද වෙන්නෙ ?

“එහෙම රාජපක්ෂවරුන් ඉවර කරන්න ඕනෙද ? සමූල ඝාතනය කරන්න ඕනෙද ?”

ප්‍රශ්නය – දැන් මේ ගොඩක් අය කියනවා ඔවුන්ට කැමති නැහැ කියලා ?

“සාකච්ඡා කරන්න අයිතියක් තියෙනවා. මේ රටේ ඉතිහාසයේ වැඩිම ඡන්ද අරන් තියෙන්නෙ රාජපක්ෂවරුන්. ඒ හැටනව ලක්ෂයේ ජනවරම තවම තියෙන්නෙ රාජපක්ෂවරුන්ට”

සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...