*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කොටුවක් ඇතුළෙ මනුස්සයෙක් සහ රටක් කරන සටනක්

Oi u luzi chervona kalyna
කලීනා නම් වූ පඳුරු සේ වැඩෙන නො’උස් පතන ශාකයද පදනම් කරගෙන ගැයෙන මේ ගීතය අයිති යුක්රේන ඉතිහාසයටය.පුළුල් දේශපාන අර්ථයකින් සොවියට් සමූහාණ්ඩුව ගොඩ නැඟෙන්නට පෙර නිදහස්ව පැවති යුක්රේනය ශුද්ධ දේශපාලන අරුතකින් සෝවියට් සමූහාණ්ඩුවට එක්වෙන්ට පෙර වූ ඉතිහාසයේ, “ ඕයි ජුසි චෙර්වෝනා කලීනා” නම් වූ මේ ගීතය ගැයුණේ යුක්රේන රණ ගීයක් විලසටය.

Bohdan Khmelnytsky නම් යුද පාලකයා සිටි සමයේ නිර්මාණය වී ඇති කොසැක්වරුන්ගේ අනන්‍යතාවය පිළිඹිමු කරන මේ ගීතය විවිධ සංගීතමය දායකත්වයන් සමඟ වෙන වෙන ආකාරවලින් ගායනා වී ඇත. මේ ගීතයේ විකාශනය පිළිබඳ ලෝකය මේ මොහොතේ කියවන්ට ගන්නේ සුපිරි යුක්රේන හෙවිවේට් බොක්සිං සූරයා ඔලෙක්සැන්ඩර් ඔසික් විසින් ගායනා කරන්නට යෙදුණ නිසාය.ඒ එංගලන්තයේ ඇන්ටනී ජොෂූවා සමඟ අද දින ඩුබායිවල ජෙඩාහී හී පවත්වන්නට නියමිත හෙවිවේට් කිරුළට අදාළ සටන සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය.එහිදී ඔලෙක්සැන්ඩර් පෙනී සිටියේද සම්ප්‍රදායික කොසැක් ඇඳුමෙන්ය.

ඔලෙක්සැන්ඩර් මේ සටනට පිවිසෙන්නේ යුද්ධයේ පීඩනය විසින් ඇති කළ තත්ත්වය හේතුවෙන් යුක්රේන වැසියෙක් ලෙස සිය ශක්තිය එරටට දායාද කිරීමෙන් ඉනික්බිතිවය.ඔහු මාස හයකට පෙර සිය සටන්කාමී දෑත්වල ශක්තිය මුදා හැරීම නවතා ඒ දෑත් මත රයිෆලයක් තබාගෙන යුක්රේනයේ වීදීවල මුර සංචාරය කළේය.සමහර විට මේ සටහනේ මුල සඳහන් යුක්රේන රණ ගීය ඔහු එහිදි මුමුණන්නට ද ඇත.ඉතිහාසය පෙන්වා දෙන්නේ රයිෆල් කණ්ඩායම් එය ගයමින් සටන මඟ ඇවිඳ ගිය බවය.මෙවැනි රණබෙර කණ්ඩායම් රජ සමයේ ශ්‍රී ලංකේය හමුදාවලටද තිබුණු බව සොයා ගන්නට අපහසු නැත.

ඔලෙක්සැන්ඩර් ජොෂුවා සමඟ සටන පමා කරමින් යුද බිමේ රැඳුණේය.අවසානයේ සටනට එන්නේ ඔහුට රට වැසියන් මේ මොහොතේ යුක්රේන මිනිස් හැඟීම්වලට ජයග්‍රහණයේ ආස්වාදය අවශ්‍යය බවත්,ඒ සඳහා ගොස් සටන් කරන්නයැයි ඔවුන් පැවසූ නිසාත්ය.ඔලෙක්සැන්ඩර්සටන සම්බන්ධයෙන් කරනු ලැබූ ඉල්ලීම් සමඟ අද සජීවීව යුක්රේනයටද තරගය නැරඹීමට හැකියාව ඇත.ඒ සටන නොමිලේ විකාශය කරන්නට සංවිධායකයින් තීරණය කර ඇති නිසාය.

වෙනදා ඔලෙක්සැන්ඩර්ට සිටියෙ සිය ප්‍රතිවාදියා පමණක් වුව අද ජෙෂුවාට මුහුණ දෙන්න වෙන්නේ මීට පෙර ගැටුණු ඔලෙක්සැන්ඩර් සමඟ නොවේය. යුක්රේන ජාතීයේම උවමනාව සහ ඔවුන්ගේ ශක්තිය අද ඔලෙක්සැන්ඩර් ඔසික් සතුව ඇත.එමෙන්ම අද මේ සටන රුසියානු නායක පුටින්ට එරෙහිව යුක්රේන ප්‍රහාරයක්ය.

“අපේ නායකයා සෙලෙන්ස්කි සතුව ප්‍රහාරයට ගන්න විශාල පන්දු තියෙනවා.”
ඔලෙක්සැන්ඩර් ඔසික් එසේ පවසා තමන්වත් එවැනි පන්දුවකට සමාන කරන්නේය.එසේම සෙලේස්කි පැනලා නොගොස් තමන් වෙනුවෙන් රැඳී සිටින බවත් ඔහු ආරක්ෂා කළ යුතු බවත් බොක්සිං සූරයාගේ අදහසයි.
ඒ නිසා ඇන්ටන් ජොෂුවාට එංගලන්තයට හෙවිවේට් කිරුළ රැගෙන යන්නට පහසුවන එකක් නැහැ.යුක්රේන සූරයාට වඩා උසින් වැඩි ජොෂුවාට අද හමුවන්නෙ පුද්ගලයෙක්ද රටක්ද කියන එක ගැන හිතන්න වෙනවා.ඒ වගේම යුද සෙනවියෙක් වගේ මේ තරගය පාලනය කරන්න වෙනවා.මනසින් ඉතාම ඉහළ බලාපොරොත්තු සහිත පුද්ගලයෙක්ගෙ ශරීරයට මුහුණ දෙන එක සම්ප්‍රදායික සටනකදි ප්‍රතිවාදියා සමඟ කරන සටනක් තරම් පහසු නැහැ.

ඒ නිසා අද රාත්‍රියේ ඇන්ටන් ජොෂුවා හිටගන්නෙ මීටර් 6.10 ක හතරැස් කොටුව ඇතුළෙ රටකට එරෙහිව බව සිහි තබා ගැනීම වැදගත්.ඔහු කෙතරම් ප්‍රබල ලෙස පහර දිය යුතු ද යන්න වගේම ඔහුට එල්ලවන පහරවල රටකම උවමනාව වන රුසියානු වෛරයද තිබෙන බව ජොෂුවා දැන සිටිය යුතුයි.නමුත් ප්‍රහාරයට වෛරය මුසු කරන්නේ නොසන්සුන්කම වීම ජොෂුවාට වාසිදායක වන්නටද හැකියි.එහෙත් පළපුරුදු ඔලෙක්සැන්ඩර් ඔෂික් වෛරය පසෙකලා සිය රටවැසියා කෙරෙහි වූ ප්‍රේමයෙන් සංසුන්ව දේශයේ අභිමතාර්ත වෙනුවෙන් හික්මුණු කල්පනාකාරී සටන්කරුවෙක් වුවහොත් ඒ අධ්‍යාත්මය විසින් දෙන පන්නරයනම් සටනේ නිමාවේ යුක්රේන ජයක් බවට පරිවර්ථනය විය හැකියි.

මේ සියල්ල බොක්සිං ලෝලී ඔබට අද රාත්‍රියේ දැක ගන්නට ලැබෙනු ඇත.මේ කාලයට පමණක් නොව සමස්ත බොක්සිං ඉතිහාසයටම වටිනාකමක් එකතු කරන සටනක් ඔසික් – ජොෂුවා විසින් ලබා දීම යුක්රේනයේ සීමාවන්ට වඩා විශාල බොක්සිං ලෝලීත්වයේ අපේක්ෂාවය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan