විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම උදෙසා රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අතිදැවැන්ත මහජන විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට විපක්ෂය පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සිට කොළඹ දක්වා මෙම විරෝධතා පාගමන් කැඳවීමටත් කොළඹදී අතිදැවැන්ත මහජන රැළියක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව සඳහන්.
මේ අනුව 100,000 ක ජනකායක් කොළඹට රැගෙන ඒමට බලාපොරොත්තු වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
ඉතාම නුදුරේදීම මෙම අති දැවැන්ත මහජන විරෝධතාව ක්‍රියාත්මක කිරීමට ද විපක්ෂය තීරණය කර ඇති බවත් වාර්තා විය.


